ලියන්න පුළුවන් නං ඔයාට කරන්න පුළුවන් නියම වැඩක් තමයි මේක.
ලියන්න බැරි අයටත් විසදුමක් තියෙනවා. හොදට ලියන්න පුළුවන් content writer කෙනෙක් හොයාගෙන වැඩේ කරන්න පුළුවන්. ( Fiverr වගේ වෙබ් අඩවියකින් ඕනේ තරම් ලියන අය හොයා ගන්න පුළුවන් ) , ඊට පස්සේ ඉතින් ගැටළුවක් නැතුවම ඔයාටත් වැඩේට බහින්න පුළුවන්.
( මේ ලිපියේ තියෙන විදියට ඔයාට ඔයාගෙම සේවා සපයන වෙබ් අඩවියත් වුනත් හදාගන්න පුළුවන් )
හරි අපි බලමු කොහොමද සාර්ථකව මුදල් හොයන බ්ලොග් එකක් පටන් ගන්නේ කියලා. මේ වැඩේට ඔයාට වැය වෙන්නේ ඉතාම සුළු මුදලක්. ඩොමේන් සහ හොස්ටින්ග් දෙකටම ප්‍රථම අවුරුද්දේ ඔයාට ගෙවන්න වෙන්නේ $25-$45 වැනි මුදලක් ඔයාම content ලියනවනම්. ඔයා තව කෙනෙකුට කියලා ලිපි ලියවගන්න හිතන් ඉන්නවනම් සාමාන්‍යයෙන් වචන 400-1000ක ලිපියකට $5 - $20 වගේ මුදලක් යන්න පුළුවන් ( ලිපිය ලියන කෙනාගේ පලපුරුද්ද දක්ෂතාවය අනුව මේක වෙනස් වෙනවා ).
Blog Writing Tutorial Includes / මෙම ලිපියේ ඇතුලත් වන කරුණු
1) අන්තරජාලයෙන් ගෙවන්න පුළුවන් ක්‍රමයක් සමග ලෑස්ති වෙන විදිය.
2) වෙබ් අඩවියට නමක් සහ වෙබ් අඩවිය දමා ගැනීමට හොස්ටින්ග් ගිණුමක් අඩුම මුදලකින් විශ්වාසවන්ත ආයතනයකින් මිලදී ගන්න විදිය.
3) හොස්ටින්ග් ගිණුමේ wordpress ස්ථාපනය කරණ අයුරු.
4) ස්ථාපනය කරගත් wordpress වලට theme එකක් දමාගෙන බ්ලොග් පොස්ට් පලකරණ අයුරු.
5) වෙබ් අඩවියට ඕන ලිපි ටික ලෑස්ති කරගත යුතු ආකාරය.
6) ගූගල් සෙවුම් යන්ත්‍රය වෙත වෙබ් අඩවිය යොමු කරන විදිය සහ වෙබ් අඩවියට ගූගල් analytics දමාගන්න විදිය.
7) ඔබ ස්ථාපනය කල බ්ලොග් අඩවියෙන් මුදල් හොයන විදිය.







