ඔබේ නිවස ගොඩ නගා ගැනීමට අවශ්‍යම දෙයක් තමයි ඉඩම කියන්නේ.ඉතින් නිවසක් හදන්න කලින් අනිවාර්යයෙන්ම ඉඩමක් ගන්න ඕනී.නමුත් කාලයෙන් කාලයට ඉඩම් වල මිල ගණන් ඉහල පහල යාමක් සිදු වෙනවා.
ඔබේ නිවස ගොඩ නගා ගැනීමට අවශ්‍යම දෙයක් තමයි ඉඩම කියන්නේ.ඉතින් නිවසක් හදන්න කලින් අනිවාර්යයෙන්ම ඉඩමක් ගන්න ඕනී.නමුත් කාලයෙන් කාලයට ඉඩම් වල මිල ගණන් ඉහල පහල යාමක් සිදු වෙනවා.සමහරවිට ඔබ ඉඩම අඩු ගානකට ගත්තත් පසුකාලීනව එහි අගය වැඩිවෙන්න ඉඩ තියෙනවා. ඒ කොහොම වුනත් ඉඩමක් මිලදී ගැනීමට යම් කිසි හෝ ආයෝජනයක් කිරීමට සිදු වෙනවා.ඉතින් මෙලෙස ආයෝජනය කිරීමේදී ඔබ දැන හෝ නොදැන යම් යම් වැරදි සිදු වෙන්න පුළුවන්.එලෙස විය හැකි වැරදි මොනවද කියලා බලමු.
01) ලියකිවිලි – Docs
සමාජයේ සුළු පිරිසක් ඉඩම් ලබා දීමේදී ව්‍යාජ ලියකිවිලි සකස් කර වංචා කරන අවස්ථා නම් ඕනී තරම්.දේපලක් සඳහා ආයෝජනය කිරීමේදී සලකා බැලිය යුතු වැදගත්ම සාධකය වන්නේ නිත්‍යානුකුල ලිපි ලේඛනයි.යම් අවස්ථාවන් වලදී එහි කොන්ත්‍රාත්තුව සම්පුර්ණයෙන්ම කියවීමට නොහැකි වීමෙන් ඔබේ මුදල් වගේම දේපලද අහිමි වී යා හැකියි.ඒ නිසා දේපලක් මිලදී ගැනීමට පෙර ඒවා නිත්‍යානුකුල යන වග සොයා බලන්න.ඒ විතරක් නෙමෙයි වගකිව යුතු විශ්වාසවන්ත ආයතනයකින් මිලදී ගැනීම කල යුතුයි.වසර 15 – 20ක් අතර කාලයක් ක්ෂේත්‍රයේ පලපුරුදු ආයතනයක් ඒ සඳහා තෝරා ගන්න.
02) පර්යේෂණ – research
ඉඩමක් සඳහා ආයෝජනය කිරීමට පෙර ඉඩම සම්බන්ධයෙන් කල හැකි සියලුම පර්යේෂණයන් සිදු කරන්න.බොහෝ දෙනා සිදු කරන්නේ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඉඩම් මිලදී ගැනීමයි.ඔබ නිවාස සඳහා හොඳ ආයෝජනයක් කිරීමට සිතන්නේ නම් සෑම අංශයක් පිළිබඳවම සොයා බැලිය යුතුයි.එහිදී මුල් හිමිකාරිත්වය , ගොඩනැගිලි වර්ගය ,ඉදිකරන්නාගේ ඉතිහාසය යනාදී කරුණු විශේෂයි.
03) කුඩා තොරතුරු මඟ හැරීම – Skip small details
යම් කිසි ඉඩමක් මිලදී ගැනීමේදී එය දීර්ඝ කාර්යක් වීමේ හැකියාව තිබෙනවා.එය ඔබට ඉතාමත් වෙහෙසකර කටයුත්තක් විය හැකියි.එහිදී ඔබ එවැනි කුඩා තොරතුරක් වුවද මඟ හැරීම නුවනට හුරු කාරණාවක් නම් නොවෙයි.මොකද ඉඩමක් සඳහා ආයෝජනය කිරීමේදී ඇති සුළු හෝ කරුණක් මඟ හැරීමෙන් ඔබට නීතිමය කාරණාවන් සඳහා මුහුණ දීමට සිදු වෙයි.ඒ නිසා ඔබ කොන්ත්‍රාත්තුවක් අත්සන් කිරීමට පෙර විශේෂයෙන් සොයා බලන්න.
04) අවදානම් සාධක – Risk factors
යම් කිසි ඉඩමක් සඳහා ආයෝජනය කිරීමේදී ඒ සම්බන්ධව ඇතැම් අවධානම සාධක තිබෙනවා.එවැනි අවධානම් සාධකයන් නොසලකා හැරීම නම් හොඳ දෙයක් නෙමෙයි.ඒ නිසා ඔබ එම කොන්ත්‍රාත්තු අත්සන් කිරීමට පෙර ඒ ගැන විශේෂයෙන්ම සිතිය යුතුයි.
05) තුන්වන පාර්ශවයක් යොදා ගැනීම
ඔබ ප්‍රථම වතාවට ඉඩමක් සඳහා ආයෝජනය කරනවා නම් බොහෝ විට broker කෙනෙක්ගේ ආධාරය ලබා ගනී.නමුත් ඔබ ඉඩමක් සඳහා ආයෝජනය කිරීමේදී තුන්වන පාර්ශවයක් විශ්වාස කිරීම නම් නුවනට හුරු දෙයක් නොවෙයි.මොකද ඔවුන් තම යහපත වෙනුවෙන් කටයුතු කරන නිසා.එයින් ඔබට සිදු වන්නේ ඉඩමට කරන ආයෝජනයට අමතරව තුන්වන පාර්ශවයක් සඳහාද යම් මුදලක් ගෙවීමට සිදු වීමයි.