ඔබේ මේ වන විටත් නිවාස සිහිනය සැබෑ කර ගන්න සැලසුම් කරන කෙනෙක් වෙන්න පුළුවන්.ඒ කොහොම වුනත් ඉඩමක් මිලදී ගැනීමේදී විශේෂයෙන්ම සිතිය යුතු කාරණාවන් කිහිපයක්ම තිබෙනවා.වර්තමානයේ පවතින ජනාකීර්ණ බවත් එක්ක නගරය ආසන්නයෙන් නිවසක් හෝ ඉඩමක් ගැනීම
ඔබේ මේ වන විටත් නිවාස සිහිනය සැබෑ කර ගන්න සැලසුම් කරන කෙනෙක් වෙන්න පුළුවන්.ඒ කොහොම වුනත් ඉඩමක් මිලදී ගැනීමේදී විශේෂයෙන්ම සිතිය යුතු කාරණාවන් කිහිපයක්ම තිබෙනවා.වර්තමානයේ පවතින ජනාකීර්ණ බවත් එක්ක නගරය ආසන්නයෙන් නිවසක් හෝ ඉඩමක් ගැනීම එතරම් ලේසි වැඩක් නෙමෙයි.ඔබ ඉඩමක් මිලදී ගැනීමේදී එහි වටිනාකම් නිසාම පමණක් මිලදී ගැනීම නොකළ යුතුයි.නිවසේ වටිනාකම් මෙන්ම ඔබ විශේෂයෙන්ම අවධානය යොමු කල යුතු කරුණු කාරණා රාශියක් පවතිනවා.
01) ඔප්පු වල නිරවුල් භාවය – Clarity of the Deed
ඔප්පු වල නිරවුල් භාවය තමයි මෙතනදී විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කාරණාව වෙන්නේ.එහිදී ඔබ ඉඩම මිලදී ගන්නේ කාගෙන්ද සහ කොහෙන්ද යන දේ ගැන සැලකිලිමත් වීම වැදගත්.මේ සඳහා ඔබට විශ්වාසදායක layer කෙනෙක් මාර්ගයෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්.
02) ඉඩමට ඇති දුර – Distance to the land
මෙහිදී ඉඩමේ සිට ඔබේ කාර්යාලයට ඇති දුර ,දරුවන්ගේ පාසලට ඇති දුර වගේම නිවසේ සිට නගරයට ඇති දුර පිළිබඳව විශේෂයෙන්ම සිතිය යුතු වෙනවා.ඒ අනුව ඔබ දුර බැහැර ප්‍රදේශයක ඉඩමක් ගැනීමට සිතනවා නම් ඒ පිළිබඳව හොඳින් සිතන්න.එලෙස ඉඩමක් මිලදී ගතහොත් සිදු වෙන්නේ ඔබගේ මුදල් සහ කාලය නසති වීමක් පමණයි.
03) ප්‍රවාහන පහසුකම් – Transport Facilities
ඔබට පෞද්ගලික වාහනයක් පවතිනවා නම් දුරබැහැර ඉඩමක් ගැනීම එතරම් ගැටළුවක් වන්නේ නැහැ.නමුත් ඔබ පොදු ප්රවාහන සේවා භාවිතා කරනවා නම් ප්‍රවාහනය පහසුකම් ගැන ටිකක් හිතුවොත් හොඳයි.මොකද පහසුවෙන් ළඟාවෙන්න පුළුවන් ඉඩමක් ගත්තොත් කොඉ කාටත් හොඳ වගේම පහසුවක් නිසා.
04) මහා මාර්ග හා නිවසට ඇති පාරවල් – Road Network
ලංකාව දියුණු වෙමින් පවතින රටක් නිසා සමහර ප්‍රදේශ වල මාර්ගයන් නිවැරදිව සකස් කර ඇත්තේ නැහැ.එවැනි දුර බැහැර ප්රදේශ වල ඉඩම් මිලදී ගැනීමෙන් වලකිනවා නම් හොදයි.එහිදී ඔබට වහනක තියෙනවා නම් එහි ගමන් කිරීමේදී අපහසුතා වගේම රථයට හානි වෙන්න ඉඩ තනේ නිසා ඒ ගැනත් හිතුවොත් හොඳයි.
05) ජල පහසුකම් – Water Facility
වතුර කියන්නේ ඔබ අප සියලු දෙනාටම නැතිවම බැරි අත්‍යවශ්‍ය දෙයක්.ඒ නිසා ඉඩමක් ගැනීමේදී ජල පහසුව කොහොමද කියලා බලන්න වෙනවා.මොකද ලංකාවේ සමහර ප්‍රදේශයන් වල ජල ගැටලුව නිසා ගොඩක් අය පිඩාවට පත් වෙලා.ඒ නිසා ඉඩමට පයිප්ප මඟින් ජලය ලැබෙන්නේ නැතිනම් එම ඉඩම ගන්න කලින් දෙපාරක් හිතන්න.
06) ස්වභාවික අපදා තත්වයන් – Natural disasters
ගංවතුර ,නායයාම් වගේ අපදා තත්වයන් පවතින ඉඩමක් විකිණීමේදී ඉඩමේ හිමිකරු ඒ පිළිබඳව සඟවන්න ඉඩ තියෙනවා.ඉතින් එවැනි පළාතක ඉඩමක් මිලදී ගැනීමට පෙර එම ප්‍රදේශයේ පිරිසගෙන් ඒ ගැන අසා දැනගන්න.කඳු ආශ්‍රිත ප්‍රදේශයේ වල ඉඩම් මිලදී ගැනීමේදී ද එවැනි අනතුරු සම්බන්ධයෙන් සොයා බලන්න
07) වටාපිටාව – Neighborhood
මේ හැමදේමත් එක්ක ඉඩමක් ගැනීමේදී එහි වටපිටාව දරුවන්ට වගේම ඔබටත් ගැලපෙනවද යන්න සිතිය යුතුයි.ඉඩමේ මිල කෙතරම් අඩු වුනත් තමන්ට වාසය කිරීමට නොහැකි පළාතක හෝ එවැනි වටපිටාවක් තිබෙනවා නම් ඉඩම මිලදී ගැනීමට පෙර සිතන්න.
08) ඔබේ අතේ ඇති මුදල – Your Budget
ඔබ ඉඩමක් ගැනීමේදී ඒ සඳහා ඔබ සතු සියලු මුදල් වියදම් කරන එක නම් එතරම් හොඳ වැඩක් නෙමෙයි.බැංකු loan එකක් ගැනීමේදීත් ඔබට මාසික වාරිකය ගෙවීමට හැකිදැයි සිතන්න.මොකද ඉඩමක වටිනාකම කාලයත් සමග වැඩිවෙනවා.ඒ නිසා ඔබට දැරිය හැකි මුදලකට එකවර හෝ ගෙවීම සඳහා ඉඩමක් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා