හුගක් අය හිතන්නෙ කොටස්වෙලදපලේ ලාබ ගන්න පුලුවන් කොටස් විකිනීමෙන් විතරයි කියල, dividend කියන එක ගැන හුගක් අය අහල ඇති, dividend කියන්නෙ යම් කම්පැනියක් තම කොටස් හිමියන්ව දිරි ගැන්වීමට දෙන යම් මුදලක්, මේක එම සමාගමේ අධ්‍යක්ශමන්ඩලය විසින් සාකච්චාකරල AGM එකේදී සම්මතකරගැනීම තමයි සාමාන්‍යය සිරිත, සමහර කම්පැනි dividend වාර්ශිකවත් සමහර අය කාර්තු වශයෙනුත් දෙනව.
අපි කොටස්මිලදී ගන්නකොට දකින දකින හැම කම්පැනි එකේම කොටස්ගන්න එක නොකල යුතු දෙයක්, අපි දාන කැපිටල් එක කොච්චර ලොකු වුනත් පොට්ෆෝලියෝ එකේ කම්පැනි 5ක් 7ක් වගේ ඇතුලත සීමාකිරීම කරන්න ඕන, ඒ ශෙයාස් ගන්න කම්පැනිත් උඩ තියෙන සෙක්ටර්ස් 20 අතරෙම බෙදී යන්න ගන්න එක නුවනට හුරු දෙයක්, අපි කියමු අපේ හැම ශෙයා එකක්ම තියෙන්නෙ ප්ලාන්ටේශන් සෙක්ටර් එකේ කියල, තේ, රබර්, පොල් රට යවන එකට යම්කිසි ලෙස බලපෑමක් ඇවිල්ල ඒක අඩාල වුනොත් මුලු ප්ලාන්ටේශන් සෙක්ටර් එකම වැටෙනව, එතකොට පෝට්ෆෝලියෝ එකේ තියෙන ප්ලාන්ටේශන් ශෙයා ඔක්කොගෙම අන්රියලයිස් ලොස් එක ඉහල යයි.
කොටසක් මිලදීගන්නට පෙර බැලියයුතු දේවල්
1. Earnings Per Share - EPS
The portion of a company's profit allocated to each outstanding share of common stock. Earnings per share serves as an indicator of a company's profitability.
Calculated as:
2. NAVPS
An expression for net asset value that represents a fund's (mutual, exchange-traded, and closed-end) or a company's value per share. It is calculated by dividing the total net asset value of the fund or company by the number of shares outstanding.
මේවා ඒ කම්පැනි වල Financial Report එකේ දාල තියෙනව, www.cse.lk වෙතින් අදාල කම්පැනි එකේ රිපෝට් එක ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්, මේ ගනං අපිම හදන හැටි මේ ලිපි පෙලේ 3න් වන ලිපියෙන් අපි කතාකරමු, පී එම් මාර්ගයෙන් සෑහෙන ඉල්ලීම් ආව ඕඩර් බුක් ගැන දෙවනි කොටසින් වැඩි විස්තර ලබාදෙන්න කියල.
3. Order Book
ඉල්ලීම් වලට සාපේක්ශව විකිනීම සෑහෙන වැඩි බව, මේ වගේ අවස්තාවක එම කොටසේ මිල පහල යන්නට පුලුවන්, අඩුම විකුනුම් ඇනවුම දාල තියෙන්නෙ 8.10කට වුනත් වැඩිම මිලදීගැනීම් ඇනවුම දාල තියෙන්නෙ 7.80කට, මේක හොද අවස්තාවක් කොටසක් අඩුමිලට ගන්න, ඒත් අපි ඒ කම්පැනි එකේ order book එක ගැන හොද නිරීක්ශනයකින් ඉන්න ඕන, මොකද දිගටම selling pressure එක buying pressure එකට වඩා වැඩියෙන් තිබුනනං එම කොටසේ මිල තවත් පහල යන්නට ඉඩ තියෙනව, කෙසේ වෙතත් buying pressure එක selling pressure එකට වඩා වැඩිනං තමයි කොටසක් මිලදීගන්න ඕන, නමුත් ඒක හේතූන් ගනනාවකටම වෙනස් වෙනව,
* සති අන්තයේ නය බේරන්න Force selling කරනවානං එම කොටසේ මිල එදිනට පමනක් පහල යන්න පුලුවන්, නැවතත් ඊලග සතියෙ පලවෙනි දවසෙම සාමාන්‍යය මිලට නැවත මිල ඉහල යන්න පුලුවන්*
4. Order Process
ඔබනිතරම මතකතියාගන්න ඕන සෑම විටම අපි ඉල්ලන කොටස් ගානම හම්බවෙන්නෙ නැති වෙන්නත් පුලුවන්, ඉතින් අපි මේකෙන් නිතරම බලන්න ඕන ඉල්ලපු ගාන සම්පූර්නව ආවද කියල, උඩ පින්තූරයේ බලන්න ATL order එක එකපාරම ආවත් BLUE order එක ඇවිල්ල තියෙන්නෙ කොටස් 3කට, මෙදිනම අපේ එළකිරි සාමාජික suranga84 ATL කොටස් 30,000කට බිඩ් එකක් දැම්මත් ඔහුට හම්බවුනේ 2100යි. ඒකට හේතුව තමයි බිඩ් එක දාල තියෙන අනුපිලිවෙල, ශෙයා එක අපි දාන බිඩ් එකට ආවොත් සෙල් වෙන්නෙ ඕඩර් දාල තියෙන අනුපිලිවෙලටයි. ඉස්සෙල්ල ඉල්ලන කෙනාට ඉස්සෙල්ල හම්බවෙනව.
5. Manipulation
අපිට නිතරම අහන්න ලැබෙන වචනයක් තමයි ඕක, fake rally එකකට අහුවුනා, manipulate කරපු ශෙයා එකක් peek එකෙන් buy එකක් දාල ලොස් වුනා වගේ වචන හුගක් වෙලාවට අපිට ඇහෙන දෙවල්, දැන් බලමු manipulation එකක් වෙන්නෙ කොහොමද කියල,
කොටස්වෙලදපලේ දවසකට බිලියන ගනනින් ට්‍රේඩ් කරන අයත් සෑහෙන දෙනෙක් ඉන්නව, මේ අයට ඉතින් මුදල් කියන එක ඉතා පොඩි දෙයක්, මේ වගේ යාලුවො දෙදෙනෙක් හරි ඊට වැඩිගානක් එකතුවෙලා තමන්ගෙ බ්‍රෝකර්ලගෙ මාර්ගයෙන් තමයි ශෙයා එකක් Manipulate කරන්නෙ, මම Manipulate කරන හැටි දාන්නෙ නෑ මොකද ඒක කොටස් වෙලදපලේ කරන්න තහනම් දෙයක්, නමුත් වෙන්නෙම ඒක තමයි (ලංකාවනෙ), කෙසේ වෙතත් ඔබ අපි වගේ කෙනෙක්ට මේ වැඩේ කරන්න නං කවදාවත් බැහැ
මේකෙන් වෙන්නෙ Order book එකේ fake orders දාල buying pressure එක වැඩි කරල ශෙයා එකක ගානක් සෑහෙන උඩ යවන එක, උදා 4 කොටස 6කට වගේ යනකොට මේක දකින ඔබ අපි වගේ අයත් buy කරන්න හදනව වැඩි ලාබ ගන්න, ඉතින් අපිත් මේක බලන් ඉදල 7දි 8දි වගේ පොඩි හරි buying order එකක් දානව, ඒත් අවාසනාවට Manipulate කරපු ශෙයා එකක ගාන උඩගියා වගේම වේගයෙන් පහලට එනව, ඉතින් තන්හාවට මේ වගේ Fake rally's පස්සෙ ගිහින් අමාරුවෙ වැටෙන්න එපා
6. Loss Minimizing
අපි කොටස් මිලදීගත්ත කියමු, නමුත් අවාසනාවකට එම කොටසෙ මිල දිනෙන් දින පහලයනවනං අපි තීරනයකරන්න ඕනෙ කරන්නෙ මොකක්ද කියල
1 - Deadline selling - ඒ කියන්නෙ අපි තීරනය කරනව එමකොටස දිගටම පහල ගියොත් මුලින් තීරනය කරන ගානකට පාඩු පිට විකුනනව කියල, චායාරූපයේ sell කියන ස්තානයේ විකුනුවොත් වෙන පාඩුව අඩුයි තව කොටසෙ මිල යටට යනකං ඉන්නවට වඩා
2 - Selling and buying again - කලින් වගේම යම් ස්තානයකදි පාඩු පිට විකුනල ශෙයා එක තවත් පහලට වැටුනහම ආයි මිලට ගන්නව
3 - Long term hold - එම කොටස කීයට බැස්සත් විකුනන්නෙ නෑ කියල හිතාගන්නව, අවුරුද්දකින් හෝ දෙකකින් ආයි වැඩි වුනහම විකුනන බලාපොරොත්තුවෙන්
ඉහත ක්‍රම 3නේම වාසි සහ අවාසි තියෙනව, එබැවින් කරන දේ දැනගෙන කිරීම වැදගත්
7. Average Reducing
Loss Minimizing වලටම අයිති නමුත් මම පවුද්ගලිකව නොකරන දෙයක් තමයි මේක, උදා - අපි කොටස් 100ක් ගන්නව එකක් රුපියල් 10 ගානෙ, පස්සෙ කොටසක මිල 6කට අඩුවුනොත් තවත් කොටස් 100ක් ගන්නව එකක් 6 ගානෙ, එතකොට කොටසක Average එක වෙන්නෙ රුපියල් 8යි, නමුත් දිනෙන් දින මිල පහල යන කොටසකට ඔබේ සල්ලි යෙදවීම ගැන දෙවරක් සිතාබලන්න, වෙන ලාබලබන්න පුලුවන් කොටසකට ඒ සල්ලි යෙදෙව්වොත් ඊට වඩා ලාබයක් ගන්න පුලුවන්.
කොටස් වෙලදපල 3 වනි කොටසින් චාට් ඇනලයිස් කිරීම් සහ bear market වෙතින් ලාබ ලබාගැනීමට පුලුවන් විදි ගැන කතාකරන්න බලාපොරොත්තුවෙනව.
ඔබ සැමට ජය වේවා !!