ඔබගේ මෘදුකාංගය(MT4) පිළිවෙළකට සකසා ගන්න

 මෙි ලිපියේ ප්‍රධාන අරමුණ තමයි ගණුදෙනු කිරීමට ප්‍රථම MT4 (Meta Trader 4) මෘදුකාංගය පිළිවෙළට සකසා ගැනිම පිළිබදව ඔබට අවබෝධයක් ලබා දීම. හැමදේටම වගේ මුල්‍ය වෙළද පොළ ගණුදෙනු කිරීමෙදිත් පිළිවෙල කියන එක ඉතා වැදගත් දෙයක්. අනෙක් අතට අපි භාවිතා කරන මෘදුකාංගයේ විශාල ඔප්ෂන් ගණනාවක් තියෙන නිසා හරි අවබෝධයක් නොගත්තොත් පැටලෙන්න පවා පුලුවන් කමක් තියෙනවා. ඒක නිසා මෙි මෘදුකාංගය තුල අපිට අනවශ්‍ය දේවල් ඉවත් කරලා, අවශ්‍ය දේවල් තියාගෙන කොහොමද පිළිවෙලට සකසා ගන්නේ කියන දැන් කතා කරපු. මෙකත් කොටස් දෙකයි. පරිඝණක අධාරයෙන් සමිබන්ධ වෙන අයට හා ඡංගම දුරකථන වලින් සමිබන්ධ වෙන අයට.


පරිඝණක හරහා Meta Trader 4  භාවිතා කරන ඔබට. 

මුලින්ම කරන්න ඔනි දේ තමයි මෘදුකාංගය විවෘත කරගන්න. කලින් ලිපියේදි අපි මෘදුකාංගයට පහුණු ගිණුමි විස්තර අධාරයෙන් ලොගින් උන නිසා ආපහු ඒ දේ කරන්න අවශ්‍යතාවයක් නැ. කවිරැ හරි තාමත් ලොගින් වෙලා නැත්තං මුලින්ම කරන්න ඔනි ඒ දේ. පහතින් තියෙන්නේ ඔබගේ මෘදුකාංගය දිස් වෙන ආකාරය.



01. යටම කොටසේ දිස්වෙන USD/CHF , USD/JPY කියන චාර්ටි දෙක ඉවත් කරගන්න. මොකද අපි බොහෝ විට භාවිතා කරන්නේ EUR/USD , GBP/USD පමණක් නිසා. ඉවත් කරගැනීම සදහා එම චාර්ටි වල ඉහල දකුණු කොටසේ ඇති X කිලික් කරන්න.

02. ඉන් පසු EUR/USD චාර්ටි එකේ ඇති Maximize (කොටු අයිකනය) කිලික් කිරීමෙන් ඔබට එම චාර්ටි එක විශාල කරගත හැක.

03. ඔබට පහසුවක් වීම සදහා චාර්ටි ඉතා පහසුවෙන් හදුනාගත හැකි ආකාරයට වෙනස් කරන ලද Template එකක් මෙතැනින් ඔබට භාගත කර ගත හැකිය. [CLICK HERE] (ජංගම දුරකථන භාවිතා කරන සාමාජිකියින් මෙය භාගත කර ගැනීම අවශ්‍ය නැත. හේතුව ජංගම දුරකථන ඇප් එක තුල භාවිතා කල නොහැකි වීමයි.) දැන් ඔබ කළ යුත්තේ විශාල කරගන්නා ලද චාර්ටි එක කිලික් මෘදුකාංගයේ ඉහළ වමි පස ඇති MENU BAR එකේ Chart ---> Template ----> Load Template කිලික් කර එන පිටුවෙන් භාගත කරගත් Template ඒක තෝරා OPEN කියන බටනය කිලික් කිරීම පමණයි.

04. ඔබට විශාල කරගන්නා ලද චාර්ටි අතර මාරැ විම සදහා චාර්ටි වලට යටින් ඇති EUR/USD,H4 / GBP/USD,H4 කිලික් කරන්න. GBP/USD චාර්ටි එකෙදිත් ඔබ ඉහත 4 වෙනි පියවරේ සිදුකල ආකාරයට කළ යුතුය.

මුලික වශයෙන් පරිඝණකය හරහා කළ යුත්තේ දැනට මෙපමණයි. ඉදිරි ලිපි වලදි මෘදුකාංගයේ අපිට වැදගත් වන සියලුම අංග පිළිබදව කතා කරන නිසා කිසිවෙක් කිසිම අවස්ථාව ගැටලුවක් ඇති කරගන්නත් අවහ්‍යත් නැ.  මොකද මෙි අපි මුලින්ම කරේ මෘදුකාංගය පිළිවෙලට සකසා ගැනීම මිසක් ඉගෙන ගැනිමක් නෙවෙයි.

ජංගම දුරකථනයෙන් මෘදුකාංගය පිළිවෙලට සකසා ගන්න ආකාරය.

ජංගම දුරකථනයෙන් වැඩ කරන්න අපෙක්ෂාවන් ඉන්න අය කලින් ලිපියේදි අපි භාගත කරගන්න Meta Trader 4 App එක විවෘත කරගන්න. ලොගින් වෙලා නැත්තං ලොගින් වෙන්නත් අමතක කරන්න එපා පුහුණු ගිණුමි විස්තර භාවිතා කරලා. මුලින්ම විවෘත කරනකොට ඔබට ලැබෙන්නේ පහත ආකාරයේ පින්තුරයක්. (මෙි ඔබ දකින්නේ Iphone යක් භාවිතයෙන් ලබා ගත්ත පින්තුර. Android තුලදි මීට වඩා වෙනස්කමි තියෙන නිසා මම එවත් සදහන් කරන ගමන්ම ඉදිරියට ඔබට රැගෙන යන්නමි.)



01. App එකේ වමි පස කෙලවර ඇති පැන්සල් අයිකනය කිලික් කරන්න. Android භාවිතා කරන අය දකණු පස කෙලවරේ ඇති පැනසල් අයිකනය කිලික් කරන්න.

02. දැන් EUR/USD , GBP/USD හැර අනෙක් සියලුම Currency Pairs සිලෙක්ටි කර දකුණු පස කෙලවරේ ඇති Delete අයිකනය කිලික් කරන්න. Android වලදීනමි මුදල් වර්ග සිලෙක්ටි කිරීම සදහා මුලින්ම Delete අයිකනය කිලික් කිරිමට සිදුවෙි. එසේ සිලෙක්ටි කර නැවත Delete අයිකනය කිලික් කර සියලුම අනවශ්‍ය මුදල් වර්ග ඉවත් කරගන්න.

03. සාමාණයෙන් ඇසට ඉතා පැහැදිලිව තියෙන්නේ කළු සහ සුදු වර්ණයෙන් යුක්ත චාර්ටි. Android වලදිනමි කළු හා සුදු චාර්ටි මුල් අවස්ථාවෙදිම සිලෙක්ටි වෙලා තියෙයි. අයිපොන් භාවිතා කරන ඔබට ඇප් එක යටම ඇති චාර්ටි අයිකනය කිලික් කර චාර්ටි එක මත වරක් කිලික් කිරිමෙන් Chart Settings වෙත පිවිසිය හැකි. මෙි Settings වල යටම ඇති Colors කිලික් කර මුලින්ම එන Scheme යටතේ ඇති Black and White තෝරා ගන්න.

04. chart වෙනස් කර ගැනීම සදහා අයිපොන් භාවිතා කරන ඔබට නැවත වරක් App එකේ යටම ඇති Quotes වලට පිවිස එහි ඇති GBP/USD මත කිලික් කිරීමෙන් එන විස්තර වල  Chart යන්න තෝරාගත යුතුවෙි. Android ඇප් එක මගින් චාර්ටි අතර මාරෑ විම සදහා ඇප් එකේ ඉහළම ඇති අයිකන් වල $ අයිකනය කිලික් කීරීමෙන් එන මුදල් වර්ග වලින් අවශ්‍ය මුදල් වර්ගය තෝරාගන්න.  එසේත් නැතිනමි ඇප් එකේ යටම අයිකන් වල ඇති මුල්ම Quotes වලට ගොස් අවශ්‍ය මුදල් වර්ගය මත කිලික් කිරිමෙන් එන පිටුවෙි OPEN CHART කිලික් කිරීමෙන්ද අවශ්‍ය chart එක වෙතට පිවිසිය හැකිය.

ජංගම දුරකථන භාවිතා කරන අය දැනට කළ යුත්තේ මෙපමණයි. ඉදිරි ලිපි වලදි අපි ඉතාමත් පැහැදිලව ඇප් එක පිළිබදව කතා කරන නිසා කිසිසෙත්ම ගැටලුවක් ඇතිකරගත යුතු නැ.