සමාගමක කොටස් තෝරා ගැනීම ,තෝරා ගත යුතු කාලය,එම සමාගමේ වෙළෙදපල මිල යන සාධකයන් කොටස් වෙළෙදපල ආයෝජනයේදී ඉතා වැදගත් වේ.දැනට වෙළෙදපල පිලිබදව පවතින තොරතුරු ,අදාළ සමාගම් පළිබදව පවතින සියලුම තොරතුරු ඔබේ ආයෝජන තීරණයන් පහසු කරන බව ඔබ දන්නා කාරණයක්.ඔබ කොතරම් දුරකට අදාළ සමාගම් වල වටිනාකම් විශ්ලේෂණය කලද එම සමාගම් වල පවතින දෛනික,සතිපතා වන මිල උච්චාවචනයන් නිසා කුමන අවස්තාවක කොටස් මිලට ගත යුතුද යන්න අප සැමටම ගැටළුවක් බව මා දන්නා කාරණයකි.
නිවැරදි වෙලාවට කොටස් මිලට ගැනීම එක්තරා ආකාරයකට කලාවක් බවට පත් වන්නේ ඔබ වෙනස් වන කොටස් මිල අනුව ඔබේ ආයෝජන තීරණයන් ගත යුතු නිසාය.මෙය වෙළෙද පල තුල ඔබ ලබන අත්දැක්ම් මත බොහෝ විට තීරණය වේ.
01 .කොටස් වල මිල නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතී.වසරක් තුල සමාගමක කොටස් ගනුදෙනු වූ උපරිම මිල,වසරේ ගනුදෙනු වූ අවම මිල හා වසර තුල ගනුදෙනු වූ සාමාන්‍ය මිල (AVARAGE PRICE) යන තොරතුරු ඔබට ඉතා පහසුවෙන් ලබා ගත හැකිය.ඇතැම් වසරක් තුල යම් කිසි සමාගමක කොටස් මිල උපරිම මිල හා අවම මිල අතර 100% වෙනසක් වුවද දැකිය හැකි අවස්ථා පවතී.ඔබ යම්කිසි සමාගමක කොටස් මිලට ගත යුතු වන්නේ පසු ගිය වසර කිහිපයක වෙළෙද පල තුල එම සමාගමේ කොටස් වල තිබු අවම මිලට ආසන්න අවස්ථාවලදීය.
02. පසු ගිය වසර කිහිපය තුල පැවතී උපරිම මිල මට්ටම්වලට ආසන්න අවස්ථාවල එම සමාගම්වල කොටස් මිලදී ගැනීමෙන් වලකින්න.
03.වේගයෙන් පහලට වැටෙන වෙළෙද පලක කොටස් මිලට ගැනීමට හදිසි නොවන්න.වෙළෙද පල යම් මට්ටමකට ආ පසු ස්ථාවර මට්ටමකට පත්වේ.එම අවස්ථාවේ මිලට ගැනීම් කල හැකිය.
03.යම් කිසි සමාගමක් සම්බන්දයෙන් පවතින හොද මිල සංවේදී තොරතුරු වල මුල් අවස්ථාවේදී මිලට ගැනීම ඉතා වැදගත්.එසේම යම් කිසි සමාගමක කොටස් මිලට ගැනීමට බොහොමයක් දෙනා සුදුසු යැයි පවසන බොහොමයක් විට මිලට ගැනීම් සුපරික්ෂාකාරිව කල යුතු වන්නේ එවන් අවස්ථාවල එම සමාගමේ කොටස් මිල ඉහලම මට්ටමක පැවතිමේ හැකියාව ඉතා ඉහල නිසාය.
04. යම් කිසි සමාගමක කොටස් මිල කෙටි කලක් තුල ඉතා ඉහල ගිය විට මිලදී ගැනීම් කිරීමෙන් වලකින්න.ක්ෂණික මිල ඉහල යාම ,ක්ෂණික මිල පහල එමකටද හේතු විය හැකිය.
උදාහරණයක් ලෙස යම්කිසි සමාගමක මිල ඉතා කෙටි කාලයකින් 30 සිට 45 වැඩි වූ යේ නම් .මිල අඩු වන තුරු
නිරීක්ෂණය කරන්න.නැවත මිල අඩු වන විට මිල 35 ත් 40 අතර මිලට ගැනීම හොද ආයෝජන තීරණයක් වේවි.
05.යම්කිසි සමාගමක වෙළෙදපල මිල ඉතා දරුණු ලෙස වැටුන අවස්තාවක ඔබට මිලදී ගැනීමේ හොදම අවස්ථාවක් නිර්මාණය කරයි.මෙහිදී අදාළ සමාගමේ අනාගතය හා එහි ස්ථාවර පැවැත්ම සම්බන්දයෙන් ගැටළු කාරී සොභාවයක් නොතිබීම ඔබේ මිලදී ගැනීමේ තීරණය ශක්තිමත් කරනු ඇති.
06.ඔබ යම්කිසි වර්ධනීය සොභාවයක කොටසක් පවතීනම් එම කොටස් වල මිල දැනට වඩා අඩු මිලකට මිලදී ගැනීමට ඔබට අවශ්‍ය නම් වඩා හොදම කාල සීමාවවනුයේ මුල්‍ය වර්ෂය මැදදීය.මෙම කාලසීමාව වනවිට ලාභාංශ ගෙවා ඇතිඅතර විශේෂ වැදගත් තොරතුරු එම සමාගම සම්බන්දයෙන් වෙළෙදපළට නොපැමිනෙන බැවින් ඔබට වර්ෂය තුල පවතින අඩුම මිලට ආසන්න මට්ටමෙන් මිලදී ගැනීමක් කරගැනීමට අවස්තාව ලැබේවි.
07.යම් කිසි සමාගමක් නිකුත් කරනු ලබන මාධ්‍ය නිවේදන,විශේෂයෙන් සමාගම පුළුල් කිරීම ,නව නිෂ්පාදන,නව වෙළෙද පළවල්,විදේශ වෙළද පලට ප්‍රවේශ වීම්,සමාගමට ලද විශාල ඇනවුම්,bonus share ලබාදීම්වැනි තොරතුරැ ලද විගස එම කොටස් මිලට ගැනීම වඩා සුදුසු ය.
08.කොටස් වෙළද පලේ පවතින් එක හා සමාන ව්‍යාපාරික සොභාවයක් පවතින සමාගම් ,නැතිනම් එකම sector එකකට වැටෙන සමාන සමාගම් වල කාර්තුමය ,අර්ධ වාර්ෂික මුල්‍ය වාර්තා වල පවතින ලාභ වල ඔබට සැලකිය යුතු වර්ධනයක් පෙනේනම් එම ක්ෂේත්‍රයට අයත් අනෙක් සමාගම් මිලට ගැනීම සුදුසුම ආයෝජන තීරණයක් වේ.මෙයින් පෙන්නුම් කරනු ලබන්නේ අදාළ සමස්ත industry යේම වර්ධනයකි.