විදේශ මුදලින් ඉතිරි කරමු. ආමුඛ ආයෝජන ගිණුම (Inward Investment Account – IIA)

 විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම (SFIDA -Special Foreign Investment Deposit Account) හා සුරැකුම් ආයෝජන ගිණුම (SIA – Securities Investment Account) ලෙස මීට පෙරදී හැඳින්විණ

ආමුඛ ආයෝජන ගිණුමක් විවෘත කළ හැක්කේ කාටද?

විදේශ ජාතිකයන් ශ‍්‍රී ලංකාවෙන් පිටත ස්ථාපිත කරන ලද ආයතන, විදේශ කලාපීය අරමුදල් සහ විදේශ රටවල වාසය කරන ශ‍්‍රී ලාංකිකයන්

  • ශ‍්‍රී ලංකාවේ හෝ ශ‍්‍රී ලංකාවෙන් පිටත වාසය කරන විජාතිකයෙක්
  • ශ‍්‍රී ලංකාවෙන් පිටත වාසය කරන ශ‍්‍රී ලාංකික සම්භවයක් සහිත විජාතිකයෙක්
  • ශ‍්‍රී ලංකාවෙන් පිටත වාසය කරන ශ‍්‍රී ලාංකික පුරවැසියෙක්
  • ශ‍්‍රී ලංකාවෙන් පිටත ස්ථාපිත කරන ලද සමාගමක්
  • දේශිය හා කලාපීය අරමුදල්, අනොන්‍ය අරමුදල් ඒකක භාර සහ ශ‍්‍රී ලංකාවෙන් පිටත ස්ථාපනය වී සිටින වෙනත් ආයතනික ආයෝජකයන්

මෙම ගිණුමේ ආයෝජන කළ හැකි ආකාර මොනවාද?

  • කොටස්
  • භාණ්ඩාගාර බැඳුම්කර
  • භාණ්ඩාගාර බිල්පත්
  • ඒකකභාර වල ඒකක
  • ණයකර
  • විදේශ මුදලින් හෝ ශ‍්‍රී ලංකා රුපියල් වලින් පවතින ඉතිරිකිරීම්/ ස්ථාවර තැන්පතු
  • 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචිවූ විදේශීය සමාගමක් (Overseas Company – OC) යටතේ ව්‍යාපාරික ස්ථානයක් ස්ථාපනය කිරීම.
  • නිශ්චල දේපල
  • විදේශ විනිමය අධ්‍යක්ෂ විසින් ණය ගැණුම්කරු මත විශේෂ අනුමැතියක් ලබාදීමට යටත්ව නේවාසිකයන් වෙත පිරිනැමෙන ණය.

ආමුඛ ආයෝජන ගිණුමක් විවෘත කිරීම සඳහා අවශ්‍ය ලේඛණ

සුදුසුකම්ලත් ආයෝජකයන්ට බද්ධ ගිණුම් හිමිකාරීත්වයක් පවත්වාගත හැක.

  • ඉතිරිකිරීම් / ස්ථාවර තැන්පතු ගිණුම් සඳහා ගිණුම් විවෘත කිරිමේ අයදුම් පත‍්‍රය.
  • අත්‍යවශ්‍ය ප‍්‍රකාශය
  • ආයතනයක් සඳහා අදාල ලේඛණ පිළිබඳව ජාත්‍යන්තර අංශය වෙතින් විමසන්න

තැන්පතු සිදු කළ හැක්කේ කෙසේද?

  • බැංකුවේ විදේශ නියෝජිතයන් ඔස්සේ,
  • ජාත්‍යන්තර බැංකු නාලිකා ඔස්සේ විදේශ රටවල සිට සෘජුවම ලැබෙන ආමුඛ ප්‍රේෂණ.
  • බැංකුව සබඳතා පවත්වන අනෙකුත් බැංකු / හුවමාරු මධ්‍යස්ථාන / ලොව වටා පිහිටි මුදල් හුවමාරු සමාගම් වැනි ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුදල් ප්‍රේෂණ මාර්ග ඔස්සේ
  • යුරෝජයිරෝ තැපැල් ජාලය ඔස්සේ.
  • ගිණුම් හිමියා විසින්  බැංකුවේ පවත්වාගෙන යනු ලබන පුද්ගලික විදේශ මුදල් ගිණුම් විජාතික අනේවාසික විදේශ මුදල් ගිණුම් හෝ විජාතික නේවාසික විදේශ මුදල් ගිණුම් සහ බලපත‍්‍රලාභී වාණිජ බැංකුවක අක් වෙරළ බැංකු ඒකකයක පවත්වාගෙන යනු ලබන ගිණුම් වල සිට මුදල් හුවමාරු කිරීම.
  • ගිණුම් හිමියා මෙරටට පැමිණි අවස්ථාවලදී සුදුසු පරිදී ශ‍්‍රී ලංකා රේගුව වෙත සිදු කරන ලද ප‍්‍රකාශයකින් හා අදාල ගිණුම් හිමියා විසින්ම ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත දන්වන ලද පරිදි ශ‍්‍රී ලංකාවට බාහිරව පිහිටි බැංකුවක් විසින් නිකුත් කරන ලද මුදල් නෝට්ටු ස්වරූපයෙන් පවත්නා බැංකු අයිරා

ආමුඛ ආයෝජන ගිණුමෙන් මුදල් ආපසු ගැනීම/ මුදල් හුවමාරු කිරීම

  • ශ‍්‍රී ලංකාවේදී ශ‍්‍රී ලංකා රුපියල් වලින් ගෙවීම
  • ගිණුම් හිමියාගේ නමට සිදු කෙරෙන ප‍්‍රතිමුඛ පේ‍්‍රෂණ
  • බැංකුවේ ඉතුරුම්/ ස්ථාවර ලෙස පවතින තැන්පතු ඇතුළු ශ‍්‍රී ලංකාව වෙත සිදු කෙරෙන මුදල් හුවමාරු හෝ ශ‍්‍රී ලංකාවේදී සිදු කෙරෙන අවසරලත් ආයෝජන විකල්ප
  • ආශ‍්‍රිත ඉපයීම් සමග ආයෝජනය කර තිබෙන ප‍්‍රාග්ධනය ප‍්‍රත්‍යාවර්ථනය කිරීම

ඔබගේ ගිණුම පරීක්ෂා කරන්නේ කෙසේද?

  • අන්තර්ජාල බැංකු සේවය ඔස්සේ
විදේශ මුදලින් ඉතිරි කරමු විඩියෝව පහත  linkඑකෙන්