Fiverr ගැන කියනවනම්, කෙටියෙන් කිව්වොත් පුළුල් වෙලඳපලක් කියනවනම් ටිකක් විතර තේරෙයි, මේකෙදි කරන්නෙ Broker කෙනෙක් වගේ ගැනුම්කරුවන් (Buyer) සහ විකිණුම්කරුවන්(Seller) සම්භන්ධ කරන එක.
තමන්ට තියන, නැත්නම් වැඩිදියුණු කරගත්ත හැකියාවක් Fiverr එකේ සර්විස් එකක් විදියට අපිට දෙන්න පුලුවන්, හැබැයි අවශ්‍ය අය ඇවිත් ගන්න ඕනේ, ඉතිං එහෙම කෙනෙක් හොයාගන්න එක හෝ, කෙනෙක් එනකන් බලන් ඉන්න එක අපිට කරන්න වෙනවා. ඒ ගැන විස්තර ඉස්සරහට කියන්නම්.
Fiverr කියන එක ආවට ගියාට කරන්න බෑ, තමන්ට කොච්චර හැකියාවක් තිබුනත් ඒ හැකියාවට තැනක් ගන්න එක Fiverr එකේ එකපාරට කරන්න බෑ, ඉතිං මේකට ඉවසීම තමා 1000% කටත් වඩා තියෙන්න ඕන. අද එකවුන්ට් එකක් හදලා Gig (ඉස්සරහට කියල දෙන්නම්) එකක් දාලා හෙට ඕඩර් නෑ කියල ඇවිල්ල අහන කෙනෙක්ට ෆයිවර් මාකට්ප්ලේස් එක ගැලපෙන්නේ නැහැ 😊 මොකද එහෙම කරන්න පුලුවන් නම් හැම කෙනාම රස්සාවක් අතෑරලා ෆයිවර් කරයි, ඉතිං තමන් ඕඩර් කිහිපයක් ගන්න, තමන්ගෙ එකවුන්ට් එක තැනකට ගන්න ලොකු කැපකිරීමක් කරන්න වෙනවා (නොදන්න අයට තමා විශේශයෙන් අදාල)
ෆයිවර් එකේ වැඩ වෙන්නේ මෙහෙමයි, අපි දෙන සර්විස් එකේ සම්පූර්ණ මුදලින් 20% ක් අපි Fiverr එකට ගෙවන්න ඕන, අපි ඕඩර් එකක් කම්ප්ලීට් කලාම අපේ සර්විස් එක $10 නම් එයාල ඒකෙන් 20% අඩුකරලා ඉතුරු ගාන තමයි අපේ Account එකට වැටෙන්නෙ. ඕඩර් එක $10 නම් $8 ක් තමයි අපේ Profit එක. ඉතිං පාඩුද? ඔව් පාඩුයි, ඒත් තමන්ගෙ Skill එකක් තමන්ට ලැබෙන Experience එක්ක තමන්ටම කියල දෙයක් පටන් ගන්නකන් ෆයිවර් කරලා Stable වෙන්න, ෆයිවර් එකේම පැලවෙන්නැතුව එතනින් එහාට යනකන් තමන් තැනකට එන්න මේක පාවිච්චි කරන්න, නැත්තං ෆයිවර් විතරක් කරලා උනත් ගෑණු හත අටක් මේන්ටේන් කරන උන් ලංකාවේ නැතුව නෙමෙයි 😁
මුලින් ඉගෙනගන්න, ඊට පස්සෙ හම්බ කරන්න පුලුවන්, සල්ලි පස්සෙම යන්නැතුව තමන්ගෙ Skill එක දියුණු කරගන්න ගමන් දෙයක් කරගන්න පුලුවන් ෆයිවර් එකෙන්, නමුත් පෝස්ට් එක දෙකක් බලලා යූටියුබ් චැනල් දෙකතුනක් බලලා ෆයිවර් කරන්න යන්න එපා ඒකෙන් කාලෙත් අපරාදේ, තමන්ට ඕඩර් ආවොත් කරගන්න බැරිඋනොත් ඒකත් අපරාදේ වෙන නිසා,
මොනවද අපිට මේකෙ විකුණන්න පුලුවන්, මොන වගේ සර්විස්ද අපිට දෙන්න පුලුවන් කියල. ගොඩක් අය ෆයිවර් එකට එන්නෙ Graphic Designing වලින්, ඉතිං ඉස්සර වගේ නෙමෙයි අද වෙද්දි පුදුම තරඟයක් තමයි මේ Graphic Designing වලට තියෙන්නෙ, ඉන්දියන්, බංගලි කාරයෝ තමා වැඩිහරියක් Fiverr එකේ රඟන්නේ, ඒ අතරින් කැපිලා උඩට එන්න නම් අනිවාර්යයෙන් ඔයාගෙ හැකියාව තියෙන්නම ඕනේ
මේ තියෙන්නෙ දැනට ෆයිවර් එකේ අපිට දෙන්න පුලුවන් සර්විසස් කැටගරි විදියට. මේ ඕනම එකකින් Sellers ලා ඉන්නවා සර්විසස් දෙන. තමන්ට කරන්න පුලුවන් දේම කරන අතර අලුත්ම දෙයක් ඉගෙනගන්න තරඟකාරීත්වය අඩු. ඒක වටිනවා හැමදේටම වඩා.
https://www.fiverr.com/categories
පොඩ්ඩක් ඇවිදලා බලන්න තමන්ට මොනවද කරන්න පුලුවන් කියල, ප්‍රශ්ණයක් නෑ බැරි උනාට. හොඳයි කියල දෙයක් ඉගෙනගන්න ආසාවයි උවමනාවයි විතරයි තියෙන්න ඕන. ඔයාට Computer එකක් තියනවනම්, ඉන්ටනෙට් කනෙක්ශන් එකක් තියනවනම්, මුලු ලෝකෙම තියන දැනුම ඔයාගෙ අතේ කියල හිතාගන්න.
ඇති තරම් Tutorials ගූගල් පීරලා හොයාගන්න පුලුවන්, තමන්ට කරන්න ආස දෙයක් ඉගෙනගන්න Udemy, skillshare, linda වගේ සයිට් වලින් පුලුවන්, Youtube එකෙනුත් පුලුවන්. සල්ලි වලට ගන්න අවශය නැහැ Free හොයාගන්න පුලුවන් වේවි හුඟක් Courses. එහෙම මොනාහරි හොයාගන්න තිබුනොත් මේ පෝස්ට් එකක කමෙන්ට් එකක් විදියට දාන්න, නැත්තං මැසේජ් එකක් දාන්න පුලුවන් වෙලාවට මං පුලුවන් විදියට රිප්ලයි කරන්නම් හැමෝටම. තව එහෙම තියන අය ඉන්නවනම් නැති අයට උදව් කරන්න 😊
ඇත්තටම Fiverr කරන්න මොනවද තියෙන්න ඕන? English දැනුම අත්‍යාවශ්‍යයි, ඉතිං ඒ දැනුම පුලුවන් තරමට වැඩිදියුණු කරගන්න වෙනවා මේකට එනවා නම්, නැතත් ඉංග්‍රීසි දැනුම දැන් පොදුයි නෙ හැමදේටම.
ඕක තමා මූලික හැඳින්වීම, සේරම එකගොඩේ දැම්මොත් කියවන අයටත් අපහසුයි, ලියන මටත් පැටලෙනවා, වීඩියෝ විදියට කරන්න මට වෙලාවක් නැතිවේවි, පුුලවන් විදියට පෝස්ට් වලින්ම දාන්නම් අවශයම උනොත් වීඩියෝ දාන්නම්, මේක මං කිසිසේත්ම ලාබයක් පතා කරන වැඩක් නෙමෙයි, කවුරුහරි ආස කෙනෙක්ට, ගොඩයන්න පුලුවන්නම් මට ඒකට උදව් කරන්න පුලුවන්නම් ඒක මං කරනවා, ඉතිං ඉස්සරහට දෙන දේවල් කවුරුමහරි බලලා වැඩකට ගන්නවා නම් කවදහරි දවසක ඒ කෙනෙක්ගෙ දියුණුව දැකලා මට සතුටු වෙන්න පුලුවන් වේවි, Credit ඕන නෑ, දන්න අයට කියල දෙන්න, තමනුත් ඉගෙනගන්න ගමන් අනිත් අයටත් කියල දෙන්න.
පොඩි දෙයක් කියන්නම්, Freelancing කියන්නෙ ආවට ගියාට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි, කාලය, මහන්සිය වැඩ කරන්න පුලුවන් වෙන්න ඕන, ආස දේ කරන්න ඕන. කැපවීම තියෙන්නත් ඕන, තව ලොකුවටම ඉවසීම තියෙන්නත් ඕන. පලවෙනි කාරණේ තමයි ඉවසීම, මං ඉස්සරහට ඇදගන යන්න හදන්නෙ ෆයිවර් ගැන කොටස් විදියට, ඉතිං ඒ පෝස්ට් මට දවසක් නෑර දාන්නත් බැරිවෙයි මගේ වැඩයි මගේ තියන කම්මැලිකමයි එක්ක, ඉතිං ඉවසීමෙන් බලාගන ඉන්න එක තමයි ඔයාලට කරන්න පුලුවන් හොඳම දේ, පුලුවන් තරම් හොයන්න, හොයන තරමට හම්බවෙයි ^_^
ඊලඟ එකෙන් දාන්නම් ෆයිවර් එකේ Basics, තමන්ට ආස කැටගරි එකක් තෝරන හැටි හා Tutorials හොයාගන්න හැටි ගැන, එකපාර දියුණු වෙන්න බෑ, අපි හෙමීට උඩට එමු.
ඉහත සදහන් key points වල විස්තරාත්මක තොරතුරු සදහා පහත විඩියෝව බලන්න.
දැන්වීම් නැත. NO ADDS!!! Duration ; විනාඩි 5 යි.