ආදායම් බදු පිලිබදව අප පලකල ආදායම් බද්දක් යනු කුමක්ද? POST එක මෙතනින් බලන්න.
තක්සේරු කල ආදායමෙන්, ආදායම් බද්දෙන් අඩු කිරීම් සඳහා සුදුසුකම් ලබන ගෙවීම් සහ පුද්ගලයින් සඳහා ලැබෙන සහන
වර්තමාන බදු රෙගුලාසි වලට අනුව, යම් ගෙවීම් ආදායම් බද්දෙන් අඩු කිරීම් සඳහා සුදුසුකම් ලබයි-
පහත සුදුසුකම් ලැබෙන ගෙවීම් සඳහා, පුද්ගලයෙකුට එම තක්සේරු වර්ෂය සඳහා තනි පුද්ගලයාගේ බදු අයකළ හැකි ආදායමෙන් තුනෙන් එකක් හෝ රුපියල් හැත්තෑපන්දහස (75,000) යන දෙකෙන් අඩු මුදල අඩු කළ හැක
1- අනුමත පුණ්‍යායතන සඳහා කල පරිත්‍යාග,
2- රජයට හෝ වෙනත් අනුමත ආයතනවලට කරන පරිත්‍යාග,
3- ජනාධිපති අරමුදලට යොමුකෙරෙන (ප්‍රේෂණය කරන) ලාභ
බදු සහන
පහත් සඳහන් සහන අඩු කිරීමට තනි පුද්ගලයෙකු හිමිකම් ලබයි
– පුද්ගලික සහන
පුද්ගලයෙකු සඳහා රු- 3,000,000 ක් වාර්ෂික සහනයක් ලබාදේ- කෙසේ වෙතත්, භාරකරුවකු, භාරගැනුම්කරුවකු, පොල්ම:කරුවකු හෝ ඈවරකරුවකු, ලෙස ක්‍රියා කරන විට මෙය අදාළ නොවේ-
තක්සේරු වර්ෂය සඳහා තනි පුද්ගලයාගේ බදු අයකළ හැකි ආදායමෙන් සහන අඩු කල හැකි නමුත් ආයෝජන වත්කම් උපලබ්ධි කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභවලට එරෙහිව මේ සහනය නොලැබෙන්නේය.
– කුලී සහන
නේවාසික පුද්ගලයින්ට ආයෝජන වත්කමකින් කුලී ආදායම් වලට අදාළව, ආයෝජන වත්කමට අදාළ අලුත්වැඩියා කිරීම, නඩත්තු කිරීම සහ ක්ෂය වීම සඳහා වන සහනයක් වන, එහෙත් බදු ගෙවන්නා විසින් ආයෝජන වත්කම අලුත්වැඩියා කිරීම, නඩත්තු කිරීම සහ ක්ෂය විම සඳහා දරන ලද යම් සත්‍ය වියදම් සඳහා කිසිදු අඩු කිරීමක් හෝ පිරිවැයක් ඉල්ලා නොමැති තාක් දුරට පමණක් ඉඩ ලබා දෙනු ලබන, තක්සේරු වර්ෂය සඳහා වන මුළු කුලී ආදායමින් 25% ක ප්‍රමාණයකට සමාන ප්‍රමාණයක් අඩු කල හැක.
– වියදම් සහන
මෙම යෝජිත සහන යටතේ නේවාසික පුද්ගලයින්ට පහත සඳහන් වියදම් වෙනුවෙන් රු- 1,200,000 ක්, තක්සේරු වර්ෂයක් තුළ අඩු කල හැක.-
(අ) වෛද්‍ය රක්ෂණය සඳහා දායක මුදල් ඇතුළුව සෞඛ්‍ය වියදම්;
(ආ) එවැනි පුද්ගලයකු හෝ ඔහුගේ දරුවන් වෙනුවෙන් දේශීය වශයෙන් දරනු ලබන අධ්‍යාපන වියදම්;
(ඇ) නිවාස ණය සඳහා ගෙවන පොලිය;
(ඉ)) අනුමත විශ්‍රාම වැටුප් ක්‍රමයකට කරන ලද දායකත්වය;
(ඊ) සාධනපත් හෝ සුරැකුම්පත් මිලදී ගැනීමේදී දරන ලද වියදම
බදු අය කළ හැකි ආදායම් | අනුප්‍රමාන | බද්දට යටත් කළ හැකි ආදායම මත බදු පරාසයේ අවම මට්ටමට සමාන වේ. |
පළමු රුපියල් මිලියන 3 මත | 6% | 180,000 |
දෙවන රු- මිලියන 3 මත | 12% | 360,000 |
ඉතිරි මුදල මත | 18% | – |
පහත දැක්වෙන්නේ ආදායම් බද්ද යටතේ ඔබේ බදු බැඳීම ගණනය කරන්නේ කෙසේද යන්න පෙන්වන උදාහරණයකි-
මෙවන් මහතා ්ඊක් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වේ- 2020/2021 තක්සේරු වර්ෂය සඳහා ඔහුගේ අපේක්ෂිත ආදායම පහත පරිදිය.
රැකියා ආදායම රු- 7,500,000 ඔහු ්ඡෂඔ ( අත්තිකාරම් පුද්ගල ආදායම් බදු චක්‍ර* අඩු කිරීමට සිය කැමැත්ත ලබා දී නැත)
පොලී ආදායම රු- 250,000 ඔහු ්ඡෂඔ අඩු කිරීමට සිය කැමැත්ත ලබා දී නැත)
ඔහු තමාගේම ඩිජිටල් මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන අතර ව්‍යාපාරික ආදායමක (අවසර ලත් වියදම් අඩු කිරීමෙන් පසු) රුපියල් 1,000,000 ක් උපයා ගනී-
රැකියා ආදායමට ඇස්තමේන්තුගත මුදල් සහ මුදල් නොවන ප්‍රතිලාභ ඇතුළත් වේ-
ඔහු රු- 275,000 ක් සෞඛ්‍ය වියදම් සහ රක්ෂණය සඳහා වැය කිරීමට බලාපොරොත්තුවේ.
රු- 600,000 ක් කොටස් මිලදී ගැනීම සඳහා රු-500,000 ඔහුගේ දරුවන්ගේ පාසල් ගාස්තු සඳහාද වැය කිරීමට බලාපොරොත්තුවේ.
එසේම ඔහු රු- 100,000 ක් පිළිකා රෝහලට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුවේ.
රුපියල් | ||
රැකියා ආදායම | 7,500,000 | |
පොලී ආදායම | 250,000 | |
ව්‍යාපාර ආදායම | 1,000,000 | |
තක්සේරු කළ හැකි ආදායම | 8,750,000 | |
අඩු – සහන | ||
වියදම් සහන | (275,000 -600,000 – 500,000 = 1,375,000 සීමාව 1,200,000 දක්වා) | (1,200,000) |
පුද්ගලික සහන | (3,000,000) | |
අඩු කිරීමට සුදුසුකම් ලබන ගෙවීම් | ||
පිළිකා රෝහලට පරිත්‍යාග | (75,000 කට සීමා කර ඇත) | (75,000) |
ඇස්තමේන්තුගත බදු අය කළ හැකි ආදායම | 4,475,000 | |
ඇස්තමේන්තුගත බදු වගකීම් | 3,000,000 x 6% = 180,000 | |
1,475,000 x 12% = 177,000 | 357,000 | |
ගෙවිය යුතු ඇස්තමේන්තුගත බදු ප්‍රමානය (අ) | 357,000 |