තැන්පතුවක් කියන්නේ කුමක්ද?

 




තැන්පතු යනු ගනුදෙනුකරුවකුගේ ගිණුමකට බැර කිරීම සඳහා මූල්‍ය ආයතනයක තබා ඇති මුදලේ එකතුවයි. 


තැන්පතු වර්ග තුනක් ඇත. 


         (අ) ඉල්ලුම් තැන්පතු


         (ආ) ඉතුරුම් තැන්පතු


         (ඇ) ස්ථාවර හෝ කාලීන තැන්පතු


ඉල්ලුම් තැන්පතු


ඉල්ලුම් තැන්පතු ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ ගනුදෙනු කටයුතු ආරක්ෂා කිරීම සඳහායි. මෙහි ඇති මුදල් ඉල්ලූ සැණින් ආපසු ලබා ගත හැක. ඉල්ලුම් තැන්පතු පොලියක් උපයන්නේ නැත. එහෙත් ඉල්ලුම් තැන්පතුකරුවන්ට මුදල් ආපසු ලබා ගැනීමේ දී සහ ගෙවීම් කටයුතුවල දී පහසුකම් සැලසීමට චෙක්පත්, ස්ථාවර නියෝග, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත් සහ ණය කාඩ්පත් වැනි සේවා කිහිපයක් බැංකු විසින් සපයයි. 


ඉතුරුම් තැන්පතු


ඉතුරුම් තැන්පතු පොලියක් උපයයි. එය ගණනය කරනු ලබන්නේ දිනපතා, සතිපතා, මාස්පතා හෝ වාර්ෂික ව ය. ඕනෑ ම වේලාවක දී ඉතුරුම් ගිණුම්වලින් මුදල් ලබා ගත හැක. ඉතුරුම් තැන්පතුකරුවන්ට ගනුදෙනුවල විස්තර ඇතුළත් පාස් පොත් හෝ ප්‍රකාශන මූල්‍ය ආයතන විසින් නිකුත් කරයි. එ ලෙස ම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ ණය කාඩ්පත් වැනි සේවා ද සපයයි.


ස්ථාවර හෝ කාලීන තැන්පතු


ස්ථාවර හෝ කාලීන තැන්පතු යනු යම්කිසි නිශ්චිත කාලපරිච්ඡේදයක් සඳහා මූල්‍ය   ආයතනවල තබා ඇති මුදල් වේ. ස්ථාවර හෝ කාලීන තැන්පතු සඳහා ඉතුරුම් තැන්පතුවලට වඩා වැඩි පොලී අනුපාතිකයක් ගෙවනු ලැබේ. ඒවා කෙටි, මධ්‍යම හෝ දිගු කාලීන විය හැක. කල් පිරෙන දිනයට පෙර දිනයක දී මුදල් ආපසු ලබා ගත හැක්කේ කලින් දැනුම් දීමක් මගින් පමණි. මෙහි දී දඩයක් පැනවිය හැක. ඇපයක් ලෙස තැන්පතු ව භාවිත කර මූල්‍ය  ආයතනවලින් ණය ලබාගැනීමට පහසුකමක් ස්ථාවර/කාලීන තැන්පත්කරුවන්ට ඇත.