ICMarketsහි ෆොරෙක්ස් ට්‍රේඩින් - සත්‍ය ගිණුමේ මුදල් ගන්න විදිය & පොදුවේ ගොඩක් අයට තිබෙන ගැටළු

 ගිණුම ඔවුන් සහතිකකල පසුව ඕනෙම වෙලාවක මුදල් නැවත ගන්න පුළුවන්.

how to withdraw funds or money from ic market sinhala sri lanka

"Transfers" මෙනු එක යටතේ තියෙන "Withdraw Funds" ලින්ක් එක වෙත පිවිසෙන්න. Withdrawal Method සහ අවශ්‍ය මුදල සදහන් කර "Submit" කරන්න.  වැඩ කරන දවස්  1 - 5 අතර ඔබේ ගිණුමට මුදල් ලැබෙනවා.

ඒවගේම මෙහි තිබෙන "Transfer Funds " හරහා ඔබේ සත්‍ය ගිණුම් කීපයක් තියෙනවනම් එම ගිණුම් අතර මුදල් මාරු කිරීම කරන්න පුළුවන්.

Ctrader Tutorial / Mt4 Tutorial හෝ ලිපි මගින් ඔයාට ට්‍රේඩ් එකක් යොදවන විදිය ඉගෙන ගන්න පුලුවන්.  ctrader වගේ පාවිච්චි කරන මොකද ඒක ඕනෑම නවක කෙනෙක්ට භාවිතා කරන්න ලේසියි. අනික සියලුම ගණනය කිරීම් ස්වයන්ක්‍රීයවම මෘදුකාංගය මගින් ඔයාට කරලා දෙනවා.

මොනවහරි පැහැදිලි නැති දෙයක් තියෙනවනම් කොමෙන්ටුවක් ලෙස හෝ ඊමේල් පණිවිඩයක් ලෙස යොමු කරන්න =)

ජයවේවා !

පොදුවේ ගොඩක් අයට තිබෙන ගැටළු :

1 ) ICMarkets විශ්වාස කරන්න පුළුවන් ආයතනයක්ද ?

ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි සහ නියාමනය වෙන 2007 සිට සේවා සපයන ආයතනයක්. ඔවුන් ෆොරෙක්ස්, බොන්ඩ්ස්, cfd, ලෝහ වගේම ක්රිප්ටෝ ට්‍රේඩින් සේවය ලබාදෙන ලොව පිළිගත් බ්‍රෝකර් ආයතනයක්. ඔබට ඕනෙම ගැටළුවක් තියෙනවනම් ඔවුන්ගේ සුහදශීලි පාරිභෝගික සේවය චැට්, ඊමේල් හෝ දුරකතනය මගින් සම්භන්ධ කරගන්න පුළුවන්.

2 ) පුහුණු ගිණුමේ සහ සත්‍ය ගිණුම් දෙකේම ට්‍රේඩ් කරන්න පුලුවන්ද ?

ඕනෙම ගිණුමකට ඕනෙම වෙලාවක ලොග් වී ට්‍රේඩ් කරන්න පුළුවන්.

3 ) කොහොමද ට්‍රේඩින් වලදී සාර්ථක වෙන්නේ ?

ඉගෙනගැනීම, පුහුණුව සහ ඉවසීම තමයි සාර්ථකත්වය තීරණය කරන්නේ. ඒක නිසා හොදට අවබෝදයක් ලබාගන්න පුහුණු ගිණුමේ ට්‍රේඩ් කරමින්. ඉන්පසු ඔබට අවදානමක් ගත හැකි ඩොලර් 200 හෝ ඊට වැඩි මුදලක් යොදවලා ( එක ට්‍රේඩ් එකකට 30 - 100 වගේ අතර ස්ටොප් ලොස් එකක් යොදවමින් සහ ස්ටොප් ලොස් එක මෙන් දෙගුණයක් වගේ take profit ලෙස යොදවමින් ) ට්‍රේඩ් කරන්න. මේ ගිනුමේ සාර්ථක වූ පසු ක්‍රමානුකුලව ඔබට අවදානමක් ගත හැකි ඕනෙම මුදල් ප්‍රමානයක් යොදවලා ට්‍රේඩ් කරන්න පුළුවන්.

4) මුදල් දැමීමට සහ ගැනීමට හැකි ආරක්‍ෂිත ක්‍රම මොනවාද ?

ඔයාට Skrill හෝ Neteller මුලික ලෙසම භාවිතා කරන්න පුළුවන් මුදල් දැමීම සහ ගැනීම සදහා. ඒවගේම මුදල් ලබාගත හැකි පේපැල් ගිණුමක් තියේනම් Paypal ගිණුම භාවිතා කරන්න පුළුවන්.

( මීට අමතරව WebMoney, QIWI, FasaPay, Thai Internet Banking, Local Bank Transfer, Wire Transfer ක්‍රමත් භාවිතා කරන්න පුළුවන් ඒවා සහයෝගය දක්වන රටක ඔබ සිටිනවානම්. )

5) මම skrill හෝ neteller භාවිතා නොකර කාර්ඩ් එකෙන්ම මුදල් දැම්මට කමක් නැද්ද ?

කාර්ඩ් පතෙන් නැවත ගන්න පුළුවන් දාපු ගාන විතරයි. ඔයාට ලාභය කාර්ඩ් පතට ගන්න නම් බෑ ඒකට අනිවාර්යයෙන් ඉහත සදහන් ගිණුමක් ඕන මිත්‍රයා ! ඒක නිසා කාර්ඩ් පතෙන් කෙලින්ම මුදල් broker වෙත යොදවන්න එපා. සැමවිටම skrill හෝ neteller භාවිතා කරන්න.

6) මම සත්‍ය තොරතුරුම දෙන්න ඕනද ගිනුම හැදීමේදී ?

ඔබ ලබාදෙන ලිපි ලේඛන වල තියෙන ආකාරයටම සත්‍ය තොරතුරු ලබාදෙන්න ඕන

7) මට ගිණුම් ඕන තරම් හදන්න පුලුවන්ද ?

ඔබට ගිණුම් ඕනෑම ප්‍රමාණයක් හදන්න පුළුවන්.

8) ට්‍රේඩ් කරන්න පුළුවන් දින මොනාවද ?

සති අන්තයේ හැර සතියේ දින පහේම ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න පුළුවන්

9 ) ණයට ගත්තු සල්ලි හෝ මාසේ වියදමට තියෙන සල්ලි දාන්න එපාද ?

ට්‍රේඩින් කියන්නේ ඉහළ ලාභයක් ගත හැකි වගේම ඉහළ අවදානමක් තියෙන ට්‍රේඩින් ආයෝජනයක් එම නිසා කිසි විටක ණයට ගත්තු සල්ලි හෝ මාසේ වියදමට තියෙන සල්ලි දැමීමෙන් වලකින්න. ඔබ හිතන්න ඕන ආයෝජකයෙක් විදියට !