අද අපි කතාකරන්නෙ බැංකු වලින් අපිට ආයෝජන සදහා ලබා දී ඇති විවිධ ගිනුම් වර්ග පිලිබදවයි.
1. විදේශ රටවල ආයෝජන ගිණුම් (OIA).
මෙම ගිණුම හරහා ආයෝජකයන්ට ශ්‍රී ලංකාවෙන් පිටත සමාගමවල ආයෝජනය කිරීමේ අවස්ථාව හිමිවේ සහ විදෙස් රජයන් සහ එම රජ්‍යන්වල ආයතන විසින් නිකුත් කරන ස්වෙරී බැඳුම්කර ලබාගැනීමේ හැකියාව ලැබේ.
සුදුසුකම්
ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම.
සහයෝගීතාව ශ්‍රී ලංකාවේ ලියාපදිංචිවීම.
වගකීමකට යටත්ව සීමාසහිත ආයතනයක් ලෙස 2007 අංක 07 දරණ ආයතන පනතට අනූව ලියාපදිංචි කරතිබීම.
වාසි
ශ්‍රී ලාංකිකයෙකුට විදේශයක දී ආයෝජනය කිරීමේ පහසුකම් සැළසීම.
ගිණුම් වර්ග
ඉතිරිකිරීමේ ගිණුම්.
ජංගම ගිණුම් (චෙක්පත් ලිවීමේ පහසුකම නොමැතිව)
කාලීන තැන්පතු.
2. ආමුඛ ආයෝජන ගිණුම (Inward Investment Account – IIA)
විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම (SFIDA -Special Foreign Investment Deposit Account) හා සුරැකුම් ආයෝජන ගිණුම (SIA – Securities Investment Account) ලෙස මීට පෙරදී හැඳින්විණ
ආමුඛ ආයෝජන ගිණුමක් විවෘත කළ හැක්කේ කාටද?
විදේශ ජාතිකයන් ශ‍්‍රී ලංකාවෙන් පිටත ස්ථාපිත කරන ලද ආයතන, විදේශ කලාපීය අරමුදල් සහ විදේශ රටවල වාසය කරන ශ‍්‍රී ලාංකිකයන්
ශ‍්‍රී ලංකාවේ හෝ ශ‍්‍රී ලංකාවෙන් පිටත වාසය කරන විජාතිකයෙක්
ශ‍්‍රී ලංකාවෙන් පිටත වාසය කරන ශ‍්‍රී ලාංකික සම්භවයක් සහිත විජාතිකයෙක්
ශ‍්‍රී ලංකාවෙන් පිටත වාසය කරන ශ‍්‍රී ලාංකික පුරවැසියෙක්
ශ‍්‍රී ලංකාවෙන් පිටත ස්ථාපිත කරන ලද සමාගමක්
දේශිය හා කලාපීය අරමුදල්, අනොන්‍ය අරමුදල් ඒකක භාර සහ ශ‍්‍රී ලංකාවෙන් පිටත ස්ථාපනය වී සිටින වෙනත් ආයතනික ආයෝජකයන්
මෙම ගිණුමේ ආයෝජන කළ හැකි ආකාර මොනවාද?
කොටස්
භාණ්ඩාගාර බැඳුම්කර
භාණ්ඩාගාර බිල්පත්
ඒකකභාර වල ඒකක
ණයකර
විදේශ මුදලින් හෝ ශ‍්‍රී ලංකා රුපියල් වලින් පවතින ඉතිරිකිරීම්/ ස්ථාවර තැන්පතු
2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචිවූ විදේශීය සමාගමක් (Overseas Company – OC) යටතේ ව්‍යාපාරික ස්ථානයක් ස්ථාපනය කිරීම.
නිශ්චල දේපල
විදේශ විනිමය අධ්‍යක්ෂ විසින් ණය ගැණුම්කරු මත විශේෂ අනුමැතියක් ලබාදීමට යටත්ව නේවාසිකයන් වෙත පිරිනැමෙන ණය.