
ව්‍යාපාරයක් ආරම්භ කර එය සාර්ථකව පවත්වා ගෙන යාමට අවශ්‍ය හැකියාවන් ඔබ තුළ තිබේද? ව්‍යාපාරිකයෙකු වීමට අවශ්‍ය ගුණාංග ඔබට තිබේද? මේ ප්‍රශ්න දෙක දෙස ඔබ ඉතා සැලකිල්ලෙන් බැලිය යුතුය.
ඔබේ දක්ෂ තැන් සහ දියුණු කරගත යුතු තැන් හඳුනාගන්න
ව්‍යවසායකත්ව ගුණාංග ඇගයීමේ ප්‍රශ්න මාලාව සම්පුර්ණ කර ඔබේ දක්ෂ තැන් සහ දියුණු කරගත යුතු තැන් හඳුනාගන්න.
කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීම යනු රැකියාවක් අත් හැර වෙනත් විකල්පයක් ගොඩනැගීම පමණක් නොව ඔබේ මුළු ජීවන රටාවම වෙනස් කර ගැනිමකි. ඔබ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මත්තෙන්, ඔබ කුමන ආකාරයේ කෙනෙක් ඔබගේ පෞද්ගලික බලාපොරොත්තු මොනවාද අභියෝගවලට මුහුණ දීමටත් ශක්තියක් ඔබට තිබේද අවිනිශ්චිත වාතාවරණයන් ට මුහුණ දීමට ඔබට හැකිද ව්‍යාපාරිකයෙකු වශයෙන් ගත කිරීමට සිදුවන දුෂ්කර ජීවන රටාවෙන් ඔබට ලබාගත හැකි ප්‍රතිලාභ මොනවාද යනාදි ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු ලබාගැනීම අවශ්‍යය.
කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීම යනු රැකියාවක් අත් හැර වෙනත් විකල්පයක් ගොඩනැගීම පමණක් නොව ඔබේ මුළු ජීවන රටාවම වෙනස් කර ගැනිමකි.
මෙහි ඇති ව්‍යවසායකත්ව ගුණාංග ඇගයීමේ ප්‍රශ්න මාලාවේන් ඒ සඳහා ඔබේ ප්‍රතිචාරය ඔබටම අවබෝධ කර ගැනීමට හැකි වේ. මෙම සමස්ත ප්‍රශ්න මාලාව කොටස් අටකින්ද ඒ සෑම කොටසක්ම ප්‍රශ්න අටකින්ද සමන්විතය. එබැවින් මුළු කරුනු 64ක් වෙත ඔබේ අවධානය යොමුකෙරේ. ඔබ විසින් ඒ සෑම කරුණකටම “ඔව්” හෝ “නැත” යනුවෙන් පිළිතුරු ලබාදිය යුතුය.
ප්‍රශ්නමාලවෙන් මේ අංශ අට කෙරෙහි ඔබේ අවධානය යොමු කෙරේ
- ව්‍යාපාරික කුසලතා, ඔබගේ ආකල්ප සහ පළපුරුද්ද
- සාමාන්‍ය සෞඛ්‍යය සහ මානසික පීඩනයට මුහුන දීම
- ආත්ම විශ්වාසය සහ සර්ව ශුබවාදය
- පුද්ගලයන් හා සම්බන්ධ වීම්
- අධිෂ්ඨානය කැපවීම, නොපසුබසිනා වීර්යය
- නිර්මාණශීලී බව සහ නවතාවය
- ජීවන රටාව, පවුල් ජීවිතය සහ පෞද්ගලික මුදල් කටයුතු
- යථාර්ථය සහ අවදානම
ප්‍රශ්න මාලාව සම්පුර්ණ කරන්නට
ව්‍යාපාරයක් ආරම්භ කර එය සාර්ථකව පවත්වා ගෙන යාමට අවශ්‍ය හැකියාවන් ඔබ තුළ තිබේ ද? ව්‍යාපාරිකයෙකු වීමට අවශ්‍ය ගුණාංග ඔබට තිබේද? මේ ප්‍රශ්න දෙක දෙස ඔබ ඉතා සැලකිල්ලෙන් බැලිය යුතුය.
මෙම සමස්ත ප්‍රශ්න මාලාව කොටස් අටකින්ද ඒ සෑම කොටසක්ම ප්‍රශ්න අටකින්ද සමන්විතය. එබැවින් මුළු කරුනු 64ක් වෙත ඔබේ අවධානය යොමුකෙරේ. ඔබ විසින් ඒ සෑම කරුණකටම "ඔව්" හෝ "නැත" යනුවෙන් පිළිතුරු ලබාදිය යුතුය.
එක ප්‍රශ්නයකට එක ප්‍රතිචාරයක් පමණක් දමන්න.