කැරොලිනා බ්රසීලයේ අඳුරු මුඩුක්කුවක ජීවත් වූ ගැහැණියක්
ඈ මවක් දරුවන් තිදෙනෙකු ගේ
නමුත් ඇයට සැමියෙකු සිටියේ නැහැ
ඇය දරුවන් හදා වඩා ගැනීමට අනන්ත දුක් වින්දා.
ඇගේ රැකියාව වූයේ නගරය පුරා විසිකර දැමූ අපවිත්ර කඩදාසි එකතු කර ඒවා එකතු කරන මධ්යස්ථාන වෙත භාර දීමයි
වාසනාවකට ඇයට ලියන්නට කියවන්නට හැකි කෙනෙක් .
ඈ තමාගේ දුගී දරුවන් ට අකුරු කියා දුන්නා ඈ විවේකී වේලාවල
දිවාකල වෙහෙසී වැඩ කල ඇය රාත්රියේ ඈ විසින් එකතු කල කොල කැබලි අතර තිබූ හිස් කඩදාසි වල තම දෛනික ජීවිතය ලියා තැබුවා.
ඈ වෙසෙන මුඩුක්කුවේ අනෙක් ගැහැනු රාත්රියේ අනාචාරය සිය වෘත්තිය කර ගනිත්දී
කැරොලිනා තම දරුවන් ගේ නුවණ දියුණු කිරීමට හා ඔවුන්ගේ සිත් සැනසීමට කවි කතා කිව්වා.
සමහරක් දිනවල දරුවන්ට ආහාර ටිකක් සොයා ගන්නට කැරොලිනා නගරයේ කුණු ගොඩවල් පවා ඇවිස්සුවා.
මේ කටුක ජීවිතය අතරතුර ඈ සෑම රාත්රියකම දින සටහන් තැබුවා .
කිසිදා ඈ එහි ඈ සිහින දකින සැප සම්පත් ගැන ලියුවේ නැහැ .
ඈ එහි ලියුවේ ඈ දරුවන් වෙනුවෙන් කල කී දෑ
කැරොලිනගේ දිනපොතේ වරක් මෙසේ ලියා තිබුනා .
"අද මුඩුක්කුවේ ගැහැණියක් බීලා කුණුහරුප කියමින් ඒකිගෙ මිනිහා එක්ක රංඩු කලා
මං මගේ දරුවන්ට කුණුහරුප ඇහෙනවාට කැමති නැහැ .
මං හුගාක් සද්දෙන් සිංදු කියමින් දරුවන් එක්ක නැටුවා
දරුවො නින්දට ගියේ සතුටින් "
මේ දිරිය ගැහැණියගේ දිනපොත එක්තරා මහත්තයෙකුට කියවන්නට ලැබුණා
ඔහු එය පල කලා..පොතක් ලෙස
එහි නම..
"අන්ධකාරයේ දරුවා"
The Child of the dark
මේ පොත නිසා කැරොලිනා ට කෝටි ගනන් මුදල් ගලා ආවා ඒ මුඩුක්කුවට
ඈ කෝටිපතිනියක වූයේ විශ්වය දෙස බලා ගෙන යැදීමෙන් නොවෙයි
ඈ තමාගේ ජීවිත අරමුණ වූ දරුවන් හදාවඩා ගන්නට ගෞරවයෙන් කැපවු නිසා සොබාදහම ඇයට ඉහල ගෙවීම් කලා
ඔබත් ඔබේ ජීවිතය ට ගෞරව කරන්න
ඔබ කරන දෙය ආදරයෙන් කරන්න
ඔබටත් ජීවිතය ගෙවීම් කරාවි