PASSIVE INCOME කියන්නේ මොනවද....?

 





මොනවද මේ Active income Passive income කියන්නේ

rich dad poor dad කියන පොත කියවල තියෙනවනම් ඔයාල ඒ ගැන දැනටමත් දන්නවා ඇති..
( rich dad poor dad සිංහල පරිවර්තන පොත ඩවුන්ලෝඩ් කර ගන්න මෙතන ඔබන්න . )
 Rich Dad කියන ආකාරයට පුද්ගලයෙකුට මුදල් ලැබිය හැකි ක්‍රම ක්‍රම පමණයි.


01 රැකියාවක් කිරීමෙන් මුදල් ඉපයීම.

02 ස්වයං රැකියාවක් මාර්ගයෙන් මුදල් ඉපයීම.

03 ව්‍යාපාරයක් මාර්ගයෙන් මුදල් ඉපයීම.

04 ආයෝජන මාර්ගයෙන් මුදල් ඉපයීම.


ඉහත කි කොටස් හතර නැවත කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන් ඒවා තමයි Active income Passive income කියන්නේ Active income වලට රැකියාවෙන් මුදල් ඉපයීම හා ස්වයං රැකියාවක් මාර්ගයෙන් මුදල් ඉපයීම. කියන ක්‍රම දෙක අයත් වන අතර Passive income වලට ව්‍යාපාර මාර්ගයෙන් මුදල් ඉපයීම. හා  ආයෝජන මාර්ගයෙන් මුදල් ඉපයීම. යන කොටස් දෙක අයත් වනවා... ඉහත කි කාරනා සදහා අපි උදහනයක් අරන් බලමු තව දුරටත් පැහැදිලි කර ගැනීම සදහා..

ඔබ දිනපතා රැකියාවට යන පුද්ගලයෙකු යැයි සිතන්න ඔබ දින තිහක් පුර රැකියාවට ගොස් මාසය අවසානයේදී ඔබට ආයතනයෙන් වටුපල් ලබා දේ. ඔබට එම වැටුප වැටුප ලැබුනේ ඔබ දින තිහක් පුර ආයතනයට සේවය කර නිසාවෙනි... ඔබට එක් මසක් පමණක් රැකියාවට යාමට නොහැකි වූ යේ යැයි සිතන්න ඔබට ඔව්න් වැටුපක් ලබා දේවිද .......? ඔබ රැකියාවට ගිය නිසා වැටුප ලැබුනා ඔබ රැකියාවට නොගියොත් ඔබට මුදල් නොලැබේ මෙය Active income හොදම උදහනයකි...


අපි දැන්  Passive income වලට උදාහණයක් අරන් බලමු ඔබ උපාය ගත හෝ ඔබට ලැබුණු මුදල් වලින් ඔබ කොටස් වෙළදපොළේ ආයෝජනය කර කොටස් මිලදී ගත හොත් ඔබට එම කොටස් වලින් වර්ෂය අවසානයේ ලබංශ ලබා දේ ඊට අමතර  දිනෙන් දින කොටස් මිල වැඩි වී ඔබගේ වත්කම වැඩි වේවි.. ඔබ මෙම කොටස් වල වටිනාකම වැඩි කිරීමට උදේ දිවා රාත්‍රී වෙහෙස වී වැඩ කලේ නැත ඔබ කර එකම දෙය වන්නේ හොද කොටසි තෝරා ගත දෙය පමණි. කොටින්ම ඔබ නිදි අතරේද වත්කම වැඩි විය....


රැකියාවට යන බොහෝ දෙනෙකු කරන්නේ මෙය නොවේ රැකියාවට ගොස් ඉතිරි කර ගන්ණා මුදලින් ඔවුන්  මුලින්ම සිදු කරන්නේ මෝටර් රතයක් වැනි දෙයක් මිලදී ගෙන මුල්‍ය ආයතන වලට මුදල් ගෙවීමයි.. ඔබ රැකියාවට ගොස් ඉතිරි කර ගන්ණා මුදල් නිවැරදිව   Passive income මාර්ගවල ආයෝජනය කිරීමෙන් කාලයක් යද්දී ඔබට සුපිරි ගනයේ මෝටර් රථයක් එම අදායම් මාර්ග වලින්ම ලබා දේ.....

මෙය සිදුකරන ආකරය විස්තරාත්මකව සදහන් වීඩියෝව බලන්න.

ඉහත සදහන් key points වල විස්තරාත්මක තොරතුරු සදහා පහත විඩියෝව බලන්න. දැන්වීම් නැත. NO ADDS!!! Duration ; විනාඩි 10 යි.