Affiliate Marketing කියන්නේ මොකද්ද?

 අන්තර්ජාලය හරහා වෙබ් අඩවියකින් මුදල් ඉපයීමේදී වඩාත් ජනප්‍රිය ක්‍රමයක් තමයි අනුබද්ධ අලෙවිකරණය එහෙමත් නැතිනම් Affiliate Marketing කියන්නේ. ඉතිං ඔයාලා වෙබ් අඩවියක් ආරම්භ කරන අලුත නම් මේ දේ ඔයාට ගොඩක් වැදගත් වේවි. මොකද මෙමඟින් ඔයාගෙ website එකෙන් ස්ථාවර ආදායමක් උපයලා දෙනවා. ඉතිං කවුද අකමැති එහෙම දේකට. එහෙනම් අපි බලමු Affiliate Marketing කියන්නේ මොකද්ද. මේ දේ ඔයාගෙ වෙබ් අඩවියටත් ඉක්මණින්ම යොදාගන්නේ කොහොමද සහ Affiliate Marketing ක්‍රියා කරන්නේ කොහොමද යන කරුණු කාරණා ගැන.

ඉස්සල්ලම අපි බලමු Affiliate Marketing කියන්නේ මොකද්ද කියලා

සරළවම බැලුවොත් Affiliate Marketing කියන්නේ online වෙළෙන්දෙක් එහෙමත් නැතිනම් Advertiser කෙනෙක් ඔයාගෙ referral link එකේ එයාලගෙ product එකක් promote කිරීම වෙනුවෙන් ඔයාට කොමිස් මුදලක් ගෙවන ක්‍රමයක්. Clicks හෝ views මත පදනම්ව ගෙවන අනෙක් Advertisement type වගේ නෙවෙයි Affiliate Marketing වල ගෙවන්නේ CPA (Cost-Per-Acquisition) හෝ CPL (Cost-Per-Lead) මත පදනම්වයි. වෙනත් විදියකට කිවුවොත් ඔයා එම කොමිස් මුදල උපයා ගන්නේ කවුරුහරි කෙනෙක් Action එකක් ගත්තොත් පමණයි.

උදාහරණයක් ලෙස කවුරුහරි කෙනෙක් ඒ product එක මිලදී ගත්තොත් හරි free trial එකකට register උණොත් හරි පමණයි ඔයාට advertise කිරීම වෙනුවෙන් ඔයාට ලැබිය යුතු කොමිස් මුදල ලැබෙන්නේ. මේ ක්‍රමයේ තවත් වැදගත්කමක් තියනවා. ඒ තමයි Google Adsence හෝ වෙනත් type වල ads සමඟ සසඳන විට දැන්වීම්කරුට අඩු අවධානමක් පවතින නිසා publisher ට වැඩි කොමිස් මුදලක් ගෙවනවා . නමුත් Affiliate Marketing වලට අපි ඇතුලත් වෙන්න ඕනි හොඳ ප්‍රවේශයක් එක්ක.

ඉතිං ඔයාලගෙ users ලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන නිෂ්පාදනයක් හෝ සේවාවක් අපි මුලින්ම සොයාගත යුතු වෙනවා. ඊට පස්සේ ඔයාගෙ users ලාට ඔයාගෙ link එක භාවිතයෙන් භාණ්ඩ මිලදීගන්න පුළුවන් වෙන විදියට ඔයාගෙ blog එකේ post එකක් විදියට හරි site එකේ යම් කිසි ඉඩක් භාවිතා කරල හරි සේවාව හෝ භාණ්ඩය ඇතුලත් කළ යුතු වෙනවා.

ඔබට youtube හෝ social media page or profile හෝ එහෙමත් නැතිනම් email marketing වගේ එකක් වුනත් භාවිත කරන්න පුලුවන් මේ සදහා. නමුත් product link එක promote කිරීමට, ඊට අදාල ආයතනය අනුමත කරන ක්‍රමවේදයන් වලින් පමණයි products promote කිරීමට යොදාගත හැකි වන්නේ. එය විශේෂයෙන්ම සලකා බැලිය යුතු වෙනවා. මෙහිදී ඔබ සතුව website එකක් තිබීම අනිවාර්ය දෙයක් නොවුවත්, බොහෝ ආයතන සමග වැඩ කරද්දී සහ බොහෝ products promote කිරීම සදහා අනුමැතිය ගනිද්දී website එකක් තිබීම අත්‍යවශ්‍යම සාදකයක් වෙන්න පුලුවන්.

Affiliate Marketing / Tracking ක්‍රියාත්මක වන්නේ කොහොමද?

පළමුවෙන්ම ඔයාට promote කරන්න අවශ්‍ය company එකක් හෝ product එකක් සොයාගත යුතු වෙනවා . මේ දේ තොරගද්දි අපි වඩාත් සැළකිළිමත් විය යුතු වෙනවා. මොකද ඔයා තෝරගන්න දෙය අනිවාර්යයෙන්ම ඔයාගෙ users ලට වැදගත් දෙයක් වෙන්න ඕනි. මෙහිදී ඔයා තෝරගන්න product එක හෝ company එක හඳුන්වන්නේ ‘’Merchant’’ යන නමින්.

ඊළඟට ඔයා එම company එකේ partner program එකට සම්බන්ධ වෙලා company එකේ partner කෙනෙක් විය යුතු වෙනවා. ඊට පස්සේ ඔයා එම company එකේ Affiliate කෙනෙක් බවට පත් වෙනවා. සමහර සමාගම් associates, partners වගේ නමුත් භාවිතා කරනවා.

Affiliate marketing sinhala
Affiliate marketing sinhala

ඔයා ඒ සමාගමේ partner program එහෙමත් නැතිනම් Affiliate Program එකට සම්බන්ධ උනාට පස්සේ ඔයාට affiliate ID එකක් ලැබෙනවා . ඉන්පස්සේ ඔයා නිෂ්පාදනය promote කරන්න ඔයාගෙ වෙබ් අඩවියට එකතු කරන affiliate links වලට මෙම ID එක භාවිතා කරන්න ඔයාට පුළුවන්.

ඊට පස්සේ ඔයාට ඕනි විදියකට product එක හෝ company එක promote කරන්න ඔයාට පුළුවන්. මම ඒකට සුදුසු ක්‍රම කිහිපයක් කියන්නම්. ඔයාට in-depth product reviews එකතු කරන්න පුළුවන්. නැතිනම් මේ product එක හෝ company එක පිළිබඳව ඔයාගෙ articles වල recommend කරන්න පුළුවන්. ඒ වගේම banner ads display කරන්න පුළුවන්. youtube channel එකක videos හදලා දාලා වුනත් කරන්න පුලුවන්නැ, නැතිනම් email newsletter send කරන්න පුළුවන්. කලින් කිව්වා වගේ social media භාවිත කරලා වුනත් කරන්න බැරි නෑ. මේ වගේ තවත් ක්‍රම ඔයත් සොයා බලන්න. ඉතිං ඔයා මේ ගන්න හැම උත්සහයක්ම ඔයාට ලැබිල තියන ID එකත් එක්ක ඔයාගෙ merchant ට ඔයා කරන හැමදේම නිරීක්ෂණය කරන්න පුළුවන්.

ඉතිං මෙහෙම කරන අතරතුර ඔයාගෙ user කෙනෙක් මිලදීගැනීමක් කළාම ඔයාට commission එකක් ලැබෙනවා. ඔයා එම ඉපයීම කරලා දින 14-75 පමණ පසු ඔයාට ඔයාගෙ payment එක ලබාගන්න පුළුවන්. ඔබ උපයන මුලද මෙලෙස රදා තබා ගන්නා දින ගණන products වල හැටියට වෙනස් වෙන්න පුලුවන්.