1. Affiliate Marketing වලින් මුදල් ඉපයීම
2. ගූගල් ඇඩ්ස් ඔයාගෙ වීඩියෝ වල දර්ශනය කිරීම
3. Adsense Alternatives
4. Sponsorships
5. Sponsored Reviews
6. Sell Your Own Products and Services
මේ බ්ලොග් අඩවිය කියවන ඔයා Youtube එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ කෙනෙක් නෙමේ කියලා හිතනවා, මොකද අද වෙනකොට වයස අවුරුදු 8-9 පොඩි දරුවෙක්ගෙන් ඇසුවත් මේ ගැන දන්න පොඩ්ඩො ගොඩක් ඉන්නවා. ඔයාලා ගොඩක් දෙනා මේ වෙනකොටත් දවසේ වෙනම කාලයක් Youtube Videos බලන්න වෙන් කරනවත් ඇති.
Youtube ගැන තවදුරටත් කිව්වොත් ලෝකයේ ජනප්‍රියම Video Sharing වෙබ් අඩවිය තමයි මේක. දිනපතා මිලියන ගණනක වීඩියෝ ප්‍රමාණයක් යූටියුබ් එකට Upload වෙනවා වගේම ඒ වීඩියෝ වල තියෙන සියලුම කාල සැලකුවොත් අවුරුදු සිය ගණනක කාලයක් එහි අන්තර්ගත වෙනවා. පුදුමත් හිතෙනවා නේද?
Youtube එකේ වර්තමාන අයිතිකරුවා වන්නේ ඇමරිකානු Google සමාගම. ඉතින් ජනප්‍රියත්වය ගත්තොත් Google.com එකට පසුව ලෝකයේ දෙවනියට වැඩිම පිරිසක් භාවිතා කරන වෙබ් අඩවිය වන්නේ මේ යූටියුබ් එකම තමා. Alexa Rank සලකා බැලුවොත් google.com පළමු ස්ථානයත් Youtube.com දෙවන ස්ථානයත් Facebook.com තුන්වන ස්ථානයත් හිමිකර ගනු ලබනවා. ඒකෙන් අදහස් වෙන්නේ දැන් Facebook එකටත් වඩා මිනිස්සු Youtube වෙත ආකර්ෂණය වෙලා කියන එකයි.
මේ මිලියන ගණනක් වූ වීඩියෝ නැරඹිමට දිනපතා ලොව පුරා බොහෝ දෙනෙක් පැමිනෙණවා වගේම ඔයාටත් පුලුවන් ඔයාගෙ මොකක් හරි දෙයක් සම්බන්ධ වීඩියෝ එකක් පහසුවෙන් මේ යූටියුබ් එකට අප්ලෝඩ් කරන්න.
ඔයාගෙම Channel එකක් හදලා මොකක් හරි ක්ෂේතයක් ගැන හොද ආකර්ෂණීය විස්තර ඇතුලත් වීඩියෝ නිර්මාණය කරලා ඒවා නිරන්තරයෙන් අප්ලෝඩ් කලොත් ඔයාගෙ වීඩියෝ බලන්න ගොඩක් අය එනවා. ඉතින් මේ ඔයාගෙ වීඩියෝ වලට ගොඩක් Views ලැබෙද්දි ඒ හරහා පහසුවෙන් මුදල් උපයන්න පුලුවන්. ඉතින් මේ වීඩියෝ වලින් පහසුවෙන්ම මුදල් උපයන්න පුලුවන් ක්‍රමය තමයි අද මේ ඔයාලට කියල දෙන්න යන Youtube Adsense හරහා මුදල් ඉපයීමේ ක්‍රමය.
අපි මීට කලින් කීවා මතක ඇති Youtube එකේ අයිතිකාරීත්වය දරන්නේ ගූගල් සමාගම කියලා, ඉතින් මේ ගූගල් සමාගම සතුව Google Adsense කියලා Platform එකක් තියෙනවා. ඒකෙන් වෙන්නේ Google Search Engine එකේ කිසියම් සෙවුම් වචනයක් එහෙමත් නැතිනම් Keyword එකක් සදහා Advertisement එකක් පෙන්නුම් කරන එක. ඉතින් දවසකට දහස් ගණනින් ඇඩ්ස් ගූගල් වෙත ලැබෙනවා. මේ ඇඩ්ස් අදාල Audience එක ලැබෙන වෙබ්, බ්ලොග් හා youtube video වෙත බෙදා දීමට google කටයුතු කරනව වගේම අදාල ඇඩ් එකකට ලැබෙන මුදලින් 55% කොටසක් අදාල Publisher වෙත ගෙවීමද කරනවා. Youtube Adsense කියන්නේ මේ ඇඩ්ස් ඔයාගෙ වීඩියෝ වල දර්ශනය කරලා අදාල පුදගලයන් එම ඇඩ් එක View කරන හා Click කරන ප්‍රමාණයට ඔයාට මුදල් ගෙවන එකටයි.
Youtube Channel එකෙන් මුදල් ඉපයීම
ඉතින් අද වෙනකොට ලංකාවේ ගොඩක් Youtube Content Creators ලා ප්‍රමාණයක් බිහිවෙලා තියෙනවා. නමුත් බොහෝ දෙනෙක් මේ Youtube එකට එන්නෙ Adsense ලබා ගැනීමේ අරමුණින් වෙච්ච අලුත් Monetization Rules නිසා මේ වැඩේට 4000 Hours Watch Time ප්‍රමාණයක් හා අවම 1000 Subscribers ප්‍රමාණයක් සිටීම අනිවාර්‍ය වෙනවා. මේ නිසා අලුතින් එන කෙනෙක්ට මේ ඇඩ්සෙන්ස් එයාලගෙ චැනල් වලට ගන්නවා කියන්නෙ මාරම අමාරු වැඩක් වෙලා තියෙනවා. මේ නිසාම අලුතින් පටන් ගත්ත ගොඩක් Youtubers ලා වැඩේ පැත්තකට දාලා අයින් වෙලා ගියා කියලා අපි හොදටම දන්නවා.
තවත් සමහර අයට උනු දෙයක් තමා, කොහොමහරි අවශ්‍ය Monetization Requirements සම්පුර්ණ කලත් එයාලගෙ චැනල් Youtube විසින් අනුමත නොකිරීම. දැන්නම් Quality එක අඩු Image Slideshows වගේ වීඩියෝ වලට Youtube Monetization ලැබෙන්නෙම නැති තරම්.
දැන්නම් Monetization Enabled Countries List එකේ ලංකාවත් ඉන්න නිසා රට වෙනස් කරලා Adsense ඉල්ලන්න ඕනෙ නෑ.
ඉතින් දැනටමත් ඔයා Youtube කරන්න ගිහින් සාර්ථක නොවුනු කෙනෙක්නම් මේ ලිපිය ඔයාට ගොඩක් වැදගත් වේවි. ඒ වගේම අලුතින් Youtube පටන් ගන්න ඉන්න ඔයාලටත් මේක ගොඩක් වටින ලිපියක් වේවි. ඉතින් මේ ලිපියෙන් අපි සාකච්ඡා කරන්න යන්නෙ කොහොමද Youtube Channel එකකින් ඇත්තටම මුදල් උපයන්නෙ කියලා.
බ්ලොග් එකකින් වගේම Youtube Channel එකකිනුත් මුදල් උපයන්න ඔයාට Views තියෙන්න ඕනෙ. මේ නිසා ඔයාගෙ මුලික Target එක වෙන්න ඕනෙ කොහොමද මේ Views වැඩි කරගන්නෙ කියලා. මේකට ඔයාට අනිවාර්‍යයෙන්ම Subscribers ලා වැඩි කරගන්න වෙනවා. Subscribers ලා වැඩි කරගන්න නම් ඔයාලට වටිනාකමෙන් වැඩි වීඩියෝ නිරන්තරයෙන්ම Upload කරන්න සිද්ධ වෙනවා. මේකට ඔයාලට හොද සැලැස්මක් ඇතිව Quality එක වැඩි වීඩියෝ නිර්මාණය කරන්න වෙනවා. ඔයාලට පොඩ්ඩක් හරි ඉංග්‍රීසි පුලුවන්නම් International Target කරපු චැනල් එකක් පටන් ගන්න. මොකද ඒකට හේතුව තමා ලංකාවේ ඔයාලට Targetted Audience එක ඉතාම කුඩා වීම. ඔයාලා International Target කලොත් ඉතා විශාල පරාසයක පිරිසක් ඔයාලට Target කරන්න පුලුවන්.
Google Adsense ගිණුමක් සදහා Register වෙද්දි ඔයාට ඔයාගෙ නම ඊමේල් වගේම Address එකත් ඇතුලත් කරන්න වෙනවා. ඔයා ඇඩ්සෙන්ස් වලින් මුදල් උපයද්දි ඒ මුදල් ලබා ගන්න නම් අදාල Address එක තහවුරු කරන්න ඔයාට සිදුවෙනවා. එතන්දී ඔයාගෙ ගිණුමේ 10$ වුනාට පස්සෙ ගූගල් විසින් Pin අංකයක් ඔයා දීපු ලිපිනයට එවනවා. ඒ Pin එක ඔයාගෙ ඇඩ්සෙන්ස් ගිණුමට ඇතුලත් කලාට පස්සෙ ඔයාගෙ ගිණුම Verified Adsense Account එකක් වෙනවා. මේ වැඩෙන් පස්සෙ ඔයාට උපයන මුදල් නීත්‍යානුකූලව ගන්න පුලුවන්.
2. Affiliate Marketing වලින් මුදල් ඉපයීම
අපි හිතමු ඔයාට Tech සම්බන්ධ චැනල් එකක් තියෙනවා කියලා. ඉතින් ඔයා ඒකෙ අලුත්ම Smart Phones ගැන Reviews කරනවා කියලා අපි හිතමු. එතනදි ඔයාට පුලුවන් Amazon, Aliexpress වගේ සයිට් වල Affiliate Programs වලට සම්බන්ධ වෙලා අදාල Phone එකට අදාල Affiliate Link එකක් නිර්මාණය කරගෙන ඒක ඔයාගෙ Video description එකේ දාගන්න. ඊට පස්සෙ ඔයාට පුලුවන් කියන්න මේ Phone එක මිලදී ගන්නවනම් පහල Description එකේ තියෙන Link එකෙන් ගිහින් ගන්න කියලා. කවුරු හරි ඔයාගෙ ලින්ක් එකෙන් ගිහින් ගත්තම අදාල Phone එකේ මිලෙන් යම්කිසි ප්‍රතිශතයක් Commission එකක් විදියට ඔයාලට ලැබෙනවා.
මේ විදියට Tech බඩු ගොඩක් විකුණන්න පුලුවන් ඔයාගෙ චැනල් එක ජනප්‍රිය වෙද්දි. ඒ වගේම දැනටමත් ඔයාලට SL GEEK Affiliate Program, Daraz Affiliate Program වලට සම්බන්ධ වෙලා ලංකාවෙදිම මුදල් උපයන්න පුලුවන්. එයාලගෙ Stores වල තියෙන බඩු review කරලා විකුනුවම ලැබෙන මුදල් Bank Account එකටම ගන්න පුලුවන්. ඉතින් ඉස්සරහට මේ Affiliate Programs ඔක්කොම ගැන වෙන වෙනම විස්තර ගෙනෙන්න අපි ලෑස්තියි.
Tech දේවල් විතරක් නෙමේ ඔයාගෙ චැනල් එකේ Niche එකට අදාලව භාණ්ඩ ලොකු ප්‍රමාණයක් Amazon, Clickbankවගේ ඒවගෙ තියෙනවා. ඒ නිසා හැම චැනල් එකකටම මේ Affiliate Marketing වලින් මුදල් උපයන්න පුලුවන්. ගොඩක් Bloggers ලා වගේම Youtubers ලත් වැඩියෙන්ම මුදල් උපයන්නෙ මේ ක්‍රමයෙන්. අපෙ අය වගේ අර ඩොලර් දශම ගණනක් එන ඇඩ්සෙන්ස් පස්සෙ දුවන්නෙ නෑ. ඊට පස්සෙ හෙලුව Market කරලා Views ගන්න මාර ගේමක් දෙනවා. ඒ නිසා ඔයාලත් ඇඩ්සෙන්ස් පස්සෙ පන්නනෙ නැතිව මේ ක්‍රමයෙන් මුදල් උපයන්න උත්සහ කරන්න. අනිවා ඔයාගෙ චැනල් එක දියුණු වෙද්දි ඔයා උපයන මුදලත් වැඩි වෙනවා. කරන්න තියෙන්නෙ මහන්සි වෙලා වටිනා වීඩියෝ හදලා ඔයාලගෙ චැනලය දියුණු කරගන්න උත්සහ කරන එක.
3. Adsense Alternatives
බ්ලොග් කරන අය දන්නවා අපිට Google Adsense ගන්න බැරි වුනොත් හරි ඇඩ්සෙන්ස් ගිණුම Ban වුනොත් Chitika, Revenuehits, Popcash වගේ Adsense Alternatives තියෙනවා කියලා. ඒ වගේම තමයි Youtubers ලටත් මේ වගේ Youtube Certified Alternatives කීපයක්ම තියෙනවා දැන්. ඔයාලට කරන්න තියෙන්නෙ ඇඩ්සෙන්ස් හම්බුනේ නැතිනම් මේ Alternative Sites වල ඔයාගෙ Channel එකත් එක්ක Register වෙලා ඇඩ් Display කරලා මුදල් උපයන්න. මේ සදහා ඔයාගෙ චැනල් එක සම්පූර්ණ කරන්න ඕනෙ අවශ්‍යතා කිහිපයක් තියෙනවා. ගොඩක් සයිට් ඔයාලගෙන් ඉල්ලනවා දවසකට 1000 views වගේ හෝ ඊට වැඩි ප්‍රමාණයක්. ඔයාලා උපයන මුදල් Paypal, Payoneer, Bitcoin, Skrill වගේ නොයෙකුත් ක්‍රම වලට ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මේ සයිට් වල තියෙන අවාසිය තමා මේවගෙ Register වෙලා ඇඩ් දැම්මම ඔයාලට අවුරුද්දේ සිට අවුරුදු 3 ක් අතර වගේ කාලයක් වෙන සයිට් වල ඇඩ් දන්න බෑ. ඒ කියන්නෙ මේවගෙ ඇඩ් දානවනම් ආයෙ ඇඩ්සෙන්ස් ඇඩ් ගන්න බෑ. මේ නිසා මේවගෙ register වෙන්නෙ බෝම පරිස්සමෙන්. මමනම් කියන්නෙ ඇඩ්සෙන්ස් ඉල්ල්ලා කෙලවුනු අය විතරක් මේවා Try කරන්න. පහලින් තියෙන්නෙ ඒවගේ ප්‍රසිද්ධ Adsense Alternatives කීපයක්.
4. Sponsorships
ඔයා ඔයාගෙ චැනලය දියුණු කරගෙන යනකොට ලොකු ලොකු Companies කැමති වෙනවා ඔයාලගෙ චැනල් එකට Sponsorship දෙන්න. මෙතනදි වෙන්නෙ අදාල Company එකේ Brand Name එක Promote වෙන එක. මෙතනදි ඔයාට අදාල කොම්පැනිය ගෙවීමක් කරන අතර ඔයාගෙ වීඩියෝවල අදාල Company එකේ Brand Name එක ප්‍රචාරණය වන ආකාරයේ ඇඩ් එකක් හෝ වෙනත් දෙයක් කරන්න වෙනවා. මේක අදාල කොම්පැනිය එක්ක සාකච්ඡා කරලා කරන්න පුලුවන්. මේ විදියට Sponsorship ගන්න නම් ඔයාට තරමක් ජනප්‍රිය වෙනකන් ඉන්න වෙනවා. අඩුම 10K Subscribers වගේ. ඉතින් ලොකු Youtubers ලා එයාලගෙ චැනල් වලින් මුදල් උපයන තවත් ප්‍රසිද්ධ ක්‍රමයක් තමා මේක. ඒ නිසා කවදාවත් ඔයාගෙ චැනලය ඇඩ්සෙන්ස් නෑ කියලා නවත්වන්න එපා. දිගටම දියුණු කරගෙන යන්න. දිගටම වීඩියෝ දාන්න.
5. Sponsored Reviews
ඔයා දිගටම මොකක් හරි Niche එකක වැඩ කරගෙන කරගෙන ගිහින් ජනප්‍රිය වෙනකොට ඔයාට මේ Sponsored Reviews වලින්ත් මුදල් ඉපයීම කරන්න පුලුවන්. මෙතනදි වෙන්නෙ අදාල කොම්පැනි එකේ Product එකක් ඔයා අතින් Review වීම. ඒකට අදාල කොම්පැනි එක ඔයාට ගානක් ගෙවනවා.
උදාහරණයක් ගත්තොත් Tech කියන Niche එකේ Chanux Bro කියන්නෙ ඉතාම ප්‍රසිද්ධ පුද්ගලයෙක්. ඉතින් අපි හිතමු ඔයා මොකක් හරි Tech සම්බන්ධ මොකක් හරි Product එකක් නිර්මාණය කලා කියලා. ඉතින් මේ Product එක අලෙවි කරගන්න ඔයාට ලේසි ක්‍රමයක් තමා අර Chanux Bro වගේ Industry එකේ ජනප්‍රිය පුද්ගලයෙක් හරහා ඒක Market කරන එක. මෙතනදි ඔයාට Chanux Bro ට මුදල් ගෙවන්න ඔයාට සිද්ධ වෙනව. එයාගෙ Community එකට ඔහු ඔයාගෙ මේ අලුත් Product එක ගැන Review කරනවා.
මේ විදියට Sponsored Reviews ලැබෙන්න නම් ඔයා කිසියම් Niche එකක ජනප්‍රිය වෙන්නම වෙනවා.
6. Sell Your Own Products and Services
ඔයාගෙ චැනලට Views, Subscribers ලා වැඩිවෙනකොට මුදල් ඉපයීම කරන්න පුලුවන් තවත් සුපිරිම ක්‍රමයක් තමා ඔයාගෙම Products හරි Services විකුණලා මුදල් උපයන එක. මේකත් ගොඩක් ලොකු Youtubers ලා මුදල් උපයන ක්‍රමවේදයක්.
උදාහරණයක් විදියට ඔයාට Internet marketing ගැන චැනලයක් තියෙනවා කියලා. ඉතින් එතනදි ඔයා Web Design ගැන Tutorials Series එකක් කලා කියලා හිතමුකො. දැන් එතකොට ඔයාගෙ වීඩියෝ බලන්නෙ web design බැරි අය වගේම Web Designing ඉගෙන ගන්න කැමති අය. මෙතන්දි ඔයාට පුලුවන් කියන්න කාටහරි ඕනෙනම් Website එකක් හදාගන්න, මාව Contact කරගන්න කියලා. එතකොට කාටහරි website එකක් හදාගන්න ඕනෙ කෙනෙක් හිටියොත් ඔයාව සම්බන්ධ කරගන්න ඔයාගෙ Audience එක දෙපාරක් පැකිලෙන්නෙ නැහැ. මේ විදියට ඔයාට පුලුවන් ඔයාගෙ තියෙන හැකියාවන් වගේම Services Sell කරලා මුදල් ඉපයීම කරන්න.
ඒ වගේම Products වගේ දේවලුත් මේ විදියට විකිණීම කරන්න ඔයාට පුලුවන්. මේකට හොදම උදාහරණයක් විදියට SL Geek එකේ පසිදුගේ SL Geek Store එක හදුන්වලා දෙන්න පුලුවන්. එතනදි එයා ගාව සිය ගණනක් වුනු තාක්ෂණික උපකරන තියෙනවා. එයා එයාගෙ වීඩියෝවල ඒ භාණ්ඩ ගන්න ඕනෙ අය ගන්න Order කරන විදිය ඇතුලු විස්තරයක් කරනවා. ඒකෙන් එයා එයාගෙ Store එකේ භාණ්ඩ එයා හරහාම විකුණා ගන්නවා. මේ විදියටම ඔයාලටත් පුලුවන් ඔයාලගෙම භාණ්ඩ ඔයාගෙ Audience එකටම විකිණීම කරන්න.