ඊලෝන් මස්ක් ලෝකයේ සිව්වන ධනවත්ම පුද්ගලයා බවට පත් වෙයි



ලෝක ප්‍රකට ව්‍යවසායකයකු වන ඊලෝන් මස්ක් (Elon Musk) ලෝකයේ සිව්වන ධනවත්ම පුද්ගලයා බවට අද (2020-08-26) පත්වුණා. ඒ Bloomberg Billionaire Index (BBI) එකේ සිව්වන ස්ථානයට පත් වෙමින්. Bloomberg වාර්තාවලට අනුව ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 96 ක්. 

මේ වන විට ටෙස්ලා එකේ කොටස් මිලියන 34 ක් අයිතිව තියෙන්නෙත් ඊලෝන් මස්ක් ට. ඒ කම්පැනියේ මුළු කොටස් ගණනින් 18% ක ප්‍රතිශතයක්. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 68 ක්.

ටෙස්ලා හි ප්‍රධාන විධායක නිලධාරියා වන ඊලෝන් මස්ක් ටෙස්ලා කම්පැනියෙන් කිසිදු නිත්‍ය වැටුපක් ලබා ගන්නේ නැහැ.

නමුත් 2018 දී  අනෙක් කොටස් හිමියන් විසින් ඔහුට කොටස් මිලියන 20.3 ක වැටුප් පැකේජයක් අනුමත කරා. වාරික 12කින් සමන්විත මේ පැකේජය බොහෝ ඉක්මනින් ඊලෝන් මස්ක් ව ලෝකයේ ධනවත්ම පුද්ගලයා කරයි.

2020 මැයි මාසයේදී පලවෙනි වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 770 කුත්, 2020 අගෝස්තු මාසයේදී දෙවැනි වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 2.1 කුත් ඊලෝන් මස්ක් ට මේ වෙනකොට හම්බෙලා තියෙනවා. 

තව සති කිහිපයකින් මෙහි තුන්වෙනි වාරිකය ඔහුට ලැබෙන්නට නියමිත වෙලා තියෙනවා. ඒ ඇමරිකානු ඩොලර් බිලියන 2.8ක් .

මේ ඊලෝන් ට ලැබෙන වැටුප් පැකේජය ඔහුට ලැබෙන්න නම් Tesla Company එක අවශ්‍යතා දෙකක් සපුරන්න ඕන.

එකක් තමයි ඇමරිකානු ඩොලර් බිලියන 372ක් වෙන ටෙස්ලා එකේ කොටස්වල වටිනාකම කලින් මාස 6 තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක සාමාන්‍ය අගයක් පවත්වා ගත යුතුයි කියන එක.

අනෙක් කාරණය තමයි ටෙස්ලා ටෙස්ලා එකේ ලාභය කලින් මාස 12 තුළ ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ඉක්ම විය යුතුයි කියන එක.

2018 දී හෝ  2019 දී මෙම අවශ්‍යතා සැපිරීමට ටෙස්ලා එකට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා ඔහුට කිසිම වාරිකයක් ඒ අවුරුදු දෙකේදී හම්බුනේ නෑ. හැබැයි ටෙස්ලා එක මේ වන විට අත් කරගෙන තියෙන ඉමහත් සාර්ථකත්වය නිසාම ඔහුට 2020 දී මේ වෙනකොට වාරික 3කට යන්න පුළුවන් වෙලා තියෙනවා.